පොත් විශ්වයට ආත්මයක් වන
සිතුවිලිවලට පියාපත් දෙන සැමටම ජීවය දෙන්නාවූ විශ්මයක් බව මාහට දැනුනේ ජනතා හදවත්
තුල සදාකාලික ජීවත්වන ඈන් ෆ්රෑන්ක්ගේ දිනපොත (The
Diary of a Young Girl) කියවන විටය.පෑනකට
ඇත්තාවූ ශක්තියත්,අතින් ලියන්නාවූ අකුරුවලින් ලොවම සසල කරවීමට ඇති හැකියාවත් මනා ලෙස
පෙන්නුම් කරන්නාවූ සංකේතාත්මක සටහනක් ලෙස මෙම පොත හැදින්විය හැකිය.
'ඉස්කෝලෙ නොගියොත් මට මෝඩ ගෑණියෙක් වෙන්නට සිද්ධවේවි. මට උවමනා පුවත්පත් කලාවේදිනියක් වෙන්නටයි. ඒ මට ලියන්නට පුළුවන් නිසා. පොත්පත් ලියන්නට, ලිපි ලියන්නට මට හපන්කමක් නැත්නම්, මම මං වෙනුවෙන්ම ලියන්නම්. ඒත් මට උවමනා අම්මා වගේ වෙනත් ගැහැණු උදවිය වගේ හැම තිස්සේම වැඩ කර කර ඉන්නට නෙමෙයි. මිනිස්සුන්ට ප්‍රයෝජනවත් ඒ අය සතුටුකරන යමක් කරන්නට මට අවශ්යනයි. මරණයෙන් පස්සෙත් ජීවත්වෙන්නට මට පුළුවන්නම්...
යනුවෙන් ඈන් ෆ්රෑන්ක්ගේ දිනපොත (The Diary of a Young Girl) හි 1944 අප්‍රේල් 3 වන දින ඇය විසින් ලියා තිබුනේ එසේය. ලොව පුරා මිනිස් හදවත් සසල කල ඇගේ දිනපොත මිලියන ගණන් පිටපත් මේ වන විට විකිණී අවසන්ය.ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ඈන් ෆ්රෑනන්ක් දිනපොත ජපානයේ පළමු මුද්රේණයෙහි පමණක් පිටපත් ලක්ෂයක් අලෙවි විය. ඈන් ෆ්රෑ්න්ක් දිනපොත කිහිප වතාවක්ම උසාවියට ද ගියේය. ඈන් සැඟවී සිටිමින් දිනපොත ලියූ ඇම්ස්ටර්ඩෑම්හි 'ඈන් ෆ්රෑඇන්ක් නිවස් දකින්නට දෙස් විදෙස් ජනතාව දිනපතා දහස් ගණනින් ඇදී එති. ඇය වෙනුවෙන් කඳුලක් සුසුමක් හෙළන්නට ඒ කිසිවෙකුත් අමතක නොකරති. ඈන් ප්‍රාර්ථනා කළ පරිදිම ඇය මරණයෙන් මතු සදාකාලිකවම ජීවත් වේ.

— reading The Diary of a Young Girl
Comments
Post a Comment