Skip to main content

මහාචාර්ය Arthur Alison

ශුද්ධවූ අල්කුර්ආනයෙහි එක් පාඨයකින් සිය ජීවිතයට ආලෝකය ලබාගත් වෛද්‍ය විද්‍යාඥයෙකුගේ ඉස්ලාම් දහම වැළඳගත් අත්දැකීමයි මේ: 1985 වසරේ ඊජිප්තුවේ ප‍්‍රධාන නගරය වූ කෙයිරොවෙහි “අල්කුර්ආන් ආලෝකයෙන් වෛද්‍ය ප‍්‍රාතිහාර්්‍යයන්” යන මෑයෙන් පැවැත්වූ විද්‍යාඥයින්ගේ සම්මන්ත‍්‍රණයකට සහභාගිවූ Arthur Alison එම සම්මන්ත‍්‍රණයේම “අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහ් වඅෂ්හදු මුහම්මදර් රසූලූල්ලාහ්” (නැමදීමට එකම සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත, මුහම්මද් අල්ලාහ්ගේ දූතවරයාය) යනුවෙන් පවසා ඉස්ලාම් දහම වැළඳගනිමින් “ආතර් ඇලිසන්, අබ්දුල්ලාහ් ඇලිසන්” බවට පරිවර්තනය වී නව මාවතක් ඔස්සේ සිය ගමන ආරම්භ කරන්නට විය.

එංගලන්තයෙහි එක් විශ්ව විද්‍යාලයක (Electrical) හා (Electronic) විද්යුත් හා විදුලි ඉන්ජිනේරු පීඨයෙහි කුලපති වශයෙන් කටයුතු කරන ”අබ්දුල්ලා ඇලිසන්” (ඉස්ලාම් දහම පිළිගැනීමෙන් පසු) නුවණට හා හැඟීම්වලට පිළිතුරු සපයන ඉස්ලාම් දහම හඳුනාගන්නා ලෙස බටහිර හා මුළු ලෝකයේම වෙසෙන විද්‍යාඥයින්ට ඇරයුම් කළේය. දැනුම සොයා යන ගමනෙහි අල්කුර්ආනය හදාරන්නට අවස්ථාව උදා කරගත් කිසිදු විද්‍යාඥයෙක්, මුළුමනින් විද්‍යාත්මක කරුණු සමග බැඳී පවතින, ඒ වගේම එයට ගැලපෙන ඉස්ලාම් දහම හෘදපූර්වක පිළිගැනීමෙන් තොර නොවුහ යනුවෙන් ඔහු අවධාරනය කළේය.

නින්ද හා මරණය අතර ඇති සම්බන්ධය ගවේශණය කිරීම සඳහා තම (Electric) හා (Electronics) නවිනත උපකරණ ආධාරයෙන් කළ ගවේශණය තුළින් එක් පිරිමියෙක් හෝ කාන්තාවක් නිඳන විට යමක් එම සිරුරෙන් පිටවන බවත්, එය කුමන අවස්ථාවේදි යළි හැරෙයිද (යළි පැමිණෙයිද) ඒ සැනින් ඔහු ඇහැරෙන බවත්, එනමුත් මරණයට පත්වූ විට එය හැරි නොඑන බවත් ඔහු තම ගවේෂණය අවසානයේදි කියයි. මෙම සොයාගැනීමත් සමග ඉහත සඳහන් සමුළුවට පත‍්‍රිකා සකස් කරමින් සිටින විට, අල් කුර්ආනයෙහි පහත සඳහන් වැකිය ඔහුගේ නෙත්වලට ගැටුනේය. එයත් සමග ඔහු විශ්මයට පත්විය. ඔහුගේ ජීවිතය නව මාවතකට යොමු කිරීමට තරම් එම ශුද්ධවූ අල්කුර්ආනයේ වැකිය බලවත් විය. එම වාක්‍ය ඔහුගේ සොයාගැනීම මුළුමනින්ම සත්‍ය කරන (අනුමත කරන) එකක් විය.

ශුද්ධවූ අල්කුර්ආනයෙහි අස්සුමර් නම් පරිච්චේදයෙහි අල්ලාහ් මෙසේ පවසයි: “මිනිසුන් මරණයට පත්වන විටද, මරණයට පත්නොවී නින්දෙන් පසුවන විටද ඔවුන්ගේ ප‍්‍රාණය අත්පත් කරගන්නේ අල්ලාහ්ය. පසුව කව්රුන් වෙත මරණය නියමවූයේද ඔවුන්ගේ ප‍්‍රාණය (තමන් වෙතම) රඳවා ගන්නා අතර. සෙසු අයගේ (ප‍්‍රාණය) නියමිත කාලයකට ජීවත් වීම සඳහා ඔවුන් වෙතම හරවා යවයි. මැනවින් කල්පනා කරන ජනයාට සැබවින්ම මෙහි (විවිධ) සාක්‍ෂීන් ඇත්තේය” (ශු කුර්ආනය 39: 42).මෙය තව තවත් තහවුරු කරන ආකාරයට Oxford විශ්ව විද්‍යාලයෙහි මනෝ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරයෙකු වන “යහියා අල් මුෂ්රිෆි”ගේ සහය ඇතුව නින්ද හා මරණය එකම මගට අයත් වූවකි යනු විද්‍යානූකුලව ඉහත සඳහන් අල් කුර්ආන් වාක්‍ය පැවසූ ආකාරයට ඔප්පු කරයි.ඉස්ලාම්හි මෙවැනි විද්‍යාත්මක අදහස් බටහිර හා සෙසු ලෝකයෙහි රටවල් නොදැන සිටීම පිළිබඳ බොහෝ සේ දුක්වෙන වෛද්‍ය ඇලිසන්, මීට පෙර මම අල් කුර්ආනයෙහි මෙවැනි වටිනා කරුණු අන්තර්ගතවී පවතින බව නොදැන සිටී බවත්, මෙම අසම සම ග‍්‍රන්ථය පවසන විද්‍යාත්මක සත්‍යතාවයන් ලෝකයට මුස්ලිම්වරු පැවසීමේ වගකීම පැහැර හැරිය බවත් ඔහු චෝදනා කරයි.


 මිථ්‍යා විශ්වාසයන්, අන්ධ භක්තීන් මිනිසුන් තුළ රජකරන තත්ත්වයක් තුළ අල්කුර්ආනයෙහි පවතින විද්‍යාත්මක සත්‍යයන් සමාජය අතරට ගෙන යෑම මුස්ලිම්වරුන් ප‍්‍රමාද වීම පුදුමයට පත්විය යුතු කරුණකි.අනේක සිතුවිලි හා අදහස්වලින් පෙලෙනා දස දහස් සංඛ්‍යාවක් ජනයා එංගලන්තයෙහි වෙසෙන බව පවසන වෛද්‍ය ඇලිසන්, ඉස්ලාම් නුවණට පිළිතුරු සපයන දහමක් බැවින් මුස්ලිමෙකු අත්විඳින සම්පූර්ණ තෘප්තිය හා සැනසීම අන් අයගෙන් ලබා ගත නොහැකි බව තරයේ ප‍්‍රකාශ කර සිටි. බුද්ධිමත් අදහස්වලට ඇහුම් කන්දෙන බටහිර ජනතාව, නිසි අයුරින් ශුද්ධවූ අල්කුර්ආනය අධ්‍යයනය කරයි නම් සැබවින්ම ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව ඉස්ලාම් දහම පිළිගනු ඇත.

Comments

Popular posts from this blog

කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය

දශක ගණනාවක සිට අප රටේ නොවිසඳී පැවති ජාතික ප්‍රශ්නයක් නැවත මීතොට මුල්ලේ සිදුවූ ඛේදවාචකයත් සමග සියළුම ජනතාවගේ අවධානය ලබාගැනීමට සමත්ව තිබේ. නිසි කසළ කළමනාකරණයෙන් තොරව විවෘත බිම්වල කුණු කඳු ගොඩගැසීම හේතුවෙන් කටුක අත්දැකීම්වලට මුහුණ පෑමට දැන් අපට සිදුව තිබේ. එනිසා මෙය ජාතික ව්‍යසනයක් සේ සලකා ඊට නිසි විසදුම් සෙවීමට අපට සිදුව ඇත. අනෙක් අතට අප මේ අත්විඳිමින් සිටින්නේ, විද ්වතුන් ගේ දැනුම කේන්ද්‍ර කර ගත් තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගනු වෙනුවට ඉතාමත් ප්‍රාථමික ක්‍රමවේදයන් උපයෝගී කරගෙන කසළ කළමනාකරණය කිරීමට යාමේ ප්‍රතිඵලයයි. එම නිසා අද දවසේ ජාතික වගකීම වනුයේ මේ සඳහා ජාතික වැඩ පිළිවෙලක් සහිත පුළුල් විද්‍යාත්මක ක්‍රමවේදයක් හා බැඳුණු නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගැනීමට කටයුතු කිරීමය. මූලික වශයෙන් මේ කරණු හතර සඳහාවත් අප අවධානය යොමු කළ යුතුවේ. • සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව විද්‍යාත්මක ක්‍රමවේද සොයා යෑම. • කාබනික ඝන අපද්‍රව්‍යවලින් ප්‍රවාහන ඉන්ධන සහ විදුලිය නිපදවීම. • නවීන තාක්ෂණය බැඳුණු කාර්යක‍ෂමතාවයෙන් ඉහළ දේශීය තාක්ෂණය. • කසල කළමණාකරණයට රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු තාක්ෂණය. • නිවෙස්වලින් බැහැර ක...

The Forever Records of Kandy girls' High School

First lady graduate in the island - Priscilla marshall (1898) First lady doctor to obtain the l.R.C.P. & s.(Edinburgh) nelly r. Jardine (1898) First guide company to be formed in sri lanka - (1917) First Brownie Company to be formed in sri lanka - (1918) First Ranger Company to be formed in sri lanka - (1921) First sri Lankan guide captain - Gladys vanderstraaten (1921) First guide in sri lanka to obtain the 'all round cord'- gladys vanderstraaten (1921) First Malay girl to matriculate in sri lanka - moodah chunchie (1925) First Chinese girl to graduate - Dorothy angie (1925) First girl in sri lanka to be awarded the university scholarship - lily fernando (1926) First Kandyan lady graduate and the first to win the 'tripos' of the Cambridge University - soma seneviratne (1927) First girl in sri lanka to be trained in physical education at lady willingdon college - nora perera First sri lankan lady to get a master’s degree in biochemistry...

ශ්‍රී ලංකාවේදී කෙනෙකුට මරණ දඬුවම හිමි උනොත් ඔහුගේ ජීවිතයේ අවසාන දවස් ගෙවෙන්නේ මෙහෙමයි

ලංකාවේ අවසන් වරට පුද්ගලයෙක් එල්ලා මරා ඇත්තේ 1976 ජුලි 23 වැනිදායි. ඒ වැලිකඩදී එල්ලා මරණ ලද ජේ.ඒ චන්ද්‍රදාස  හෙවත් හොඳ පපුවා නම් පුද්ගලයෙක්. එතැන් පටන් අද වනතෙක් වසර 40ක් තිස්සේ එල්ලුම් ගස දිගු නින්දකයි පසු වන්නේ. මේ දීර්ඝ නිහැඬියාව අතරේ උනත් සේයා ඝාතනය,  රීටා ජෝන්ස්  ඝාතනය වැනි අපරාධත් සමග එල්ලුම්ගහේ අවශ්‍යතාවය ගැන විශාල මහජන මතයක් ගොඩනැගුණා ඔබට මතක ඇති. අපරාධකරුවන්ගෙ නින්ද අහිමි කරල සාමාන්‍ය ජනතාව අතර බිහිසුණු කතන්දර මවන්නට එල්ලුම් ගහ සමත් වෙන්නෙ ඒ මගින් මිනිසෙක්ව මරා දමන නිසාම නෙමෙයි. අපරාධකරුවෙක්ට මරණීය දණ්ඩනය නියම වූ මොහොතේ පටන් එල්ලා මරණ තෙක් ගතවන කාලයම ඒ පුද්ගලයාට මරණයටත් වඩා බිහිසුණු අත්දැකීමක් වන නිසායි. එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන මෑත භාගයේදී පවා “ නිදහස දෙන්නේ නැතිනම් එල්ලා මරන්න ” යැයි කියමින්  සිරකරුවන් උපවාස කිරීමට  පෙළඹීමම මේ දුෂ්කර දණ්ඩනය ගැන සාක්ෂි සපයනවා. අපරාධයක් දැක සංවේදීව අමානුෂික අපරාධකරුවෙක් දෙස අපිත් අමානුෂික ඇසකින් බැලීම සාධාරණද නැද්ද? එයට පිළිතුර ඔබේ හෘද සාක්ෂිය විසින් දෙනු ඇත. එල්ලුම් ගහ අකුරට ක්‍රියාත්මක වූ අදින් වසර හතලිහක...