Skip to main content

මුහුණුපොතෙහි හාස්‍යට ලක් වූ චරිතයක් මුණගැසුණෙමි

ඉංග්‍රීසි භාෂාවෙන් කොතරම් දේවල් ලිව්වත් මව් බසින් ලියන තරම් සතුටක් ඒතුලින් ලැබෙන්නේ නැත.භාෂාවක් තුල ජිවය පවතින්නේ යැයි පවසන්නේ එමනිසා වියයුතුයි.අත්දැකීම් අකුරු කිරීමටනම් එය මව්බසින්ම වියයුතුය.හේතුව අත්දැකීම් යනු තමන්ටම හිමි එකක් වීමයි.දැන් මමත් අකුරු පෙලගස්වන්නට යන්නේ එවන්වූ අත්දැකීම් සටහනකි.එදීන සදු දිනයකි.මා හා මගේ මිතුරිය එක් ව්‍යපෘතික කටයුත්තක් සම්බන්දයෙන් එක් ඉහල පෙලේ ව්‍යාපාරික ආයතනයකට ගියෙමු.එය ලංකාවේ අංක එකට සිටින නිෂ්පාදන ආයතනයකට අයත් වුවකි.අපට අවශ්‍ය වුයේ එම ආයතනයේ කලමනාකරණය අධ්‍යක්ෂව හමුවීමටයි.කලමනාකර අධ්‍යක්ෂ කි පමණින් අපගේ සිතෙහි මැවුනේ අවුරුදු 50 ක් පමණ වියැති හැඩිදැඩි ගාම්බිර ලෙස සිටින්නාවූ පුද්ගලයකුගේ රුවයි.නමුත් එහි එලෙස නොවේ.එම ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ වුයේ වයස අවුරුදු 30 වත් නොසපිරුනු ලාබාල සුන්දර තරුණියකි.නමුත් ඇය දුටු පමණින් අප පුදුමයට පත් වුයේ ඇය එලෙස ලාබාල තරුණියක් වීම නිසානම් නොවේ.හේතුව ඇය මෑතකාලීනව මුහුණු පොතෙහි දැඩි ලෙස හාස්‍යට හා විහිලුවට ලක් වූ තරුණියක් වීම නිසාය.මම කිහිපවරක්ම ඇගේ මුහුණ දෙස යලි යලි බලමින් මේ ඇයම දැයි තහවුරු කරගැනීමට උත්සාහ කලෙමි. නමුත් ඇය ඈ පිළිබදව ලබාදුන් හැදීන්වීමෙන් ඇයම බව තහවුරු කර ගත්තෙමි.මාස කිහිපයකට පෙර ඇය කරන ලද ක්‍රියාවක් හේතුවෙන් බොහෝදෙනා ඇයව දැඩි ලෙස විවේචනයට ලක් කළහ.නොයෙක් ආකාරයේ පින්තූරූ ශේයාර් කරමින් ඇයව අවමානයට ලක් කළහ.මගේ මුහුණු පොතහි වෝල් එකේද එවන් වූ බොහෝ පොස්ට් බොහෝදෙනා ශේයාර්  කර තිබීම දක්නට ලැබිණි.ඒ අවස්ථාවේ මෙවන් වූ අවමන් හමුවේ එම තරුණිය මේ සියල්ලට මුහුණ දෙන්නේ කෙසේද? යන්න මට  සිතුනි.නමුත් මා සිතු තරම්වත් ඇය ඒ පිළිබද සැලකිල්ලට ගෙන නොමැති බව මා හට  වැටහීමට වැඩි වෙලාවක් ගියේ නැත.ඇය ඉතාමත් මිත්‍රශීලි හා සැමවිටම සිනිමුසුව සිටින්නාවූ චරිතයකි.පොෂ් එකට නොව චතුර ලෙස ඉංග්‍රීසි කතාකරන ඇය කුඩා කල සිට පශ්චාත් උපාධිය දක්වාම අධ්‍යාපන ලබා ඇත්තේ පිටරය.එබැවින් ඇයට සිංහල එතරම් කියවවීමට හෝ ලිවීමට දන්නේද නැත.තරමක් කතා කිරීමට පමණක් හැක.ඉහල පෙලේ ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටින ඇයට මුහුණුපොතෙහි බොහෝ වෙලාවක් ගත කිරීමටද කාලයක් නොමැත. අතිශයින්ම කාර්යබහුල ඇගේ  අරමුණු හා ඉලක්කයන් බොහෝය.නමුත් ඇය පිළිබද සියගණන් පොස්ට් ශේයාර් කල අය ඒතුලින් බලපොරොත්තු වූ අරමුණ ඉටු වුවාදැයි නොදනිමි.එලෙස ශේයාර් කළ අයගේ  අරමුණු විවිධාකාර විය හැකිය.

සිද්ධියට අදාල පුද්ගලයාව අවමානයට ලක් කිරීම,වේදනාවට පත් කිරීම,හාස්‍යට ලක් කිරීම,සිද්ධිය සිනහවට ලක් කල හැකි ආකාරයට පරිවර්තනය කිරීම, අදාළ ක්‍රියාව මෝඩ ක්‍රියාවක් බව කියා පෑම,මෙවන් වූ ක්‍රියා මින්මතුවට නොවිය යුතු යැයි සිතීම,තමන්  උගතෙකු ලෙස පෙන්වීමට නම් අනෙකාගේ මෝඩකමක් එළිදක්වමින් විවේචනය කිරීමට සිදුවීම.අදාල පුද්ගලයා තමාගේ පවුලේ කෙනෙකු හෝ මිතුරෙකු නොවන බැවින් ඔහුව හෝ ඇයව හාස්‍යට ලක්කිරීම වරදක් නොවන බව සිතීම...යනාදී බොහෝ හේතු තිබිය හැකිය.තවද මේ කිසිම අරමුණක් නොමැතිව ශේයාර් කිරීමට විනෝජනක පොස්ට් එකක් ලැබුනා යැයි සිතමින් මෙවන්වූ දෑ පතුරවනන්ද බොහෝ වෙති.මේලෙස තමාට තමාම අරමුණක් ඇති කරගනිමින් තමාවම රවටගෙන සිටින්නාවූ යුගයක අප ජිවත්වීගෙන සිටින්නෙමු.මෙහි අදාළ කරන ලද ක්‍රියාව නිවැරදි යැයි පවසමින් ඇය සුද්ද කිරීම මගේ අරමුණ නොවේ.ඇය කරන ලද්දේ වරදක්ම ලෙස සිතමු.පිටු ගණන් අවමානයට හා හාස්‍යට ලක් කරමින් ලියන්නාවූ පොස්ට් එක අවම වශයෙන් අදාල පුද්ගලයා කියවන්නේනම්  මොවුන්ගේ එක් අරමුණක් හරි ඉටු වනු ඇත.නමුත් ඇය ඒවා කියවන්නට මුහුණ පොතහි කාලය ගෙවන හෝ සිංහල කියවීමට දන්නා කෙනෙක්වත් නොවන නිසා  එම අරමුණද ඉටු නොවේ.එසේනම් අදාල පුද්ගලයා හැර අනෙක් සියල්ලම එවන්වූ පොස්ට් කියවා ඇත, ශේයාර් කර ඇත, කොමෙන්ට් හා ලයික් පුරවා ඇත,වාද විවාදයක් ලෙස කොමෙන්ට් ප්‍රහාර ලක් කොට ඇත.ඒ සදහාම පේජ් නිර්මාණය කොට ඇත.මේ කා සදහාද? කුමක් වෙනුවෙන්ද? කුමක් අරමුණු කොට ගෙනද? පෞද්ගලික සතුරෙකු නම් මෙවන්වූ දේවලින් සියුම් සතුටක්වත් ලබාගැනීමට හැකි යැයි සිතිය හැකිය.නමුත් අදාල තැනැත්තා තමා කිසිදා දැක නොමැති,පෞද්ගලිකව නොහදුනන චරිතයකි.උගතා හා නුගතා අතර ඇත්තේ ඉතා සියුම් ඉරක පරතරයකි.ඇය ඇගේ ව්‍යාපාරික කටයුතු වල දියුණුව හා වර්දනය පිළිබද සිතීමට කාලය වැය කරන අතරේ සමහරු ඇයව හාස්‍යට ලක් කරමින් පින්තුරයක් නිර්මාණය කරන ආකාරය පිළිබද සිතති.මෙතන ඇත්තාවූ එම පරතරය මෙයයි.උගතා තමා වටා කුමක් සිදුවුවත් කිසිවක් සිදුනොවුනාක් මෙන් තමන්ගේ ගමන යති.නමුත් නුගතා තමාගේ තත්වය කෙසේ වෙතත් අනෙකා පිළිබද සිතමින් ඔවුන් ගැන සොයමින් තමන් පිළිබදවම අමතක කර දමති.

සිදුවෙන්නාවූ සියලු සිදුවීම් වල එක් පැත්තක් අපි දැන සිටින්නේනම්  තවත් පැත්තක්ද ඇති බව මතක තබා ගත යුතු යි. එබැවින් එය විවේචනය කිරීමට අනවශ්‍ය ලෙස ඉක්මන් නොවිය යුතුයි.එක් ක්‍රියාවක් හේතුවෙන් පුද්ගලයෙක්ව අන්තයටම දැමීමට හෝ වීරයකු කිරීමට පෙලබීම අද පවතිනාවූ සමාජයේ ප්‍රවනතාවයයි.සදාචාරය,සංස්කෘතිය,ධර්මය යන මාතෘකා වලින් කතා කිරීමට පෙර අප මනසක් වේදනාවකට ලක් නොකර සිටීමට උත්සාහ කල යුතුයි.හේතුව අපගේ අධ්‍යාපනය උපාධිය රැකියාව වත්පොහසත්කම තත්ත්වය යනාදී සියල්ල මනසක් ඉදිරියේ පරාජය වන නිසාය. තවත් කෙනෙකු වේදනාවට පත්කොට එයින් විනෝදයක් ලැබීමට සිතීම මලමිනියක් දෙස බල සිනාසීම හා සමානය.එම ව්‍යපෘතික කටයුත්ත අදාළ හමුවීමෙන් පසුව නැවත හැරුණු මාහට සිතෙහි කරුණු දෙකක් සාරාංශ ගත විය එයනම් උගතුන්ගේ ජයග්‍රහණය පිටුපස තිබෙන සාර්ථකත්වයේ රහස කුමක්ද යන්නත්, මෑත කාලීනව කරන ලද ක්‍රියාව සම්බන්දයෙන් දැඩි ලෙස විවේචනයට ලක්වූ   සිද්ධිය පිටුපස සිටින්නේ කොතරම් සුන්දර මනසක් ඇති තරුණියක්ද යන්නයි.
මෙම ලිපිය කියවූ පසු බොහෝ දෙනා මෙහි කී ඇති දෑ පිළිබද සිතනවා වෙනුවට මේයට අදාළ තරුණිය කව්රු දැයි සිතනවා නිසැකය :)

Comments

Popular posts from this blog

කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය

දශක ගණනාවක සිට අප රටේ නොවිසඳී පැවති ජාතික ප්‍රශ්නයක් නැවත මීතොට මුල්ලේ සිදුවූ ඛේදවාචකයත් සමග සියළුම ජනතාවගේ අවධානය ලබාගැනීමට සමත්ව තිබේ. නිසි කසළ කළමනාකරණයෙන් තොරව විවෘත බිම්වල කුණු කඳු ගොඩගැසීම හේතුවෙන් කටුක අත්දැකීම්වලට මුහුණ පෑමට දැන් අපට සිදුව තිබේ. එනිසා මෙය ජාතික ව්‍යසනයක් සේ සලකා ඊට නිසි විසදුම් සෙවීමට අපට සිදුව ඇත. අනෙක් අතට අප මේ අත්විඳිමින් සිටින්නේ, විද ්වතුන් ගේ දැනුම කේන්ද්‍ර කර ගත් තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගනු වෙනුවට ඉතාමත් ප්‍රාථමික ක්‍රමවේදයන් උපයෝගී කරගෙන කසළ කළමනාකරණය කිරීමට යාමේ ප්‍රතිඵලයයි. එම නිසා අද දවසේ ජාතික වගකීම වනුයේ මේ සඳහා ජාතික වැඩ පිළිවෙලක් සහිත පුළුල් විද්‍යාත්මක ක්‍රමවේදයක් හා බැඳුණු නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගැනීමට කටයුතු කිරීමය. මූලික වශයෙන් මේ කරණු හතර සඳහාවත් අප අවධානය යොමු කළ යුතුවේ. • සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව විද්‍යාත්මක ක්‍රමවේද සොයා යෑම. • කාබනික ඝන අපද්‍රව්‍යවලින් ප්‍රවාහන ඉන්ධන සහ විදුලිය නිපදවීම. • නවීන තාක්ෂණය බැඳුණු කාර්යක‍ෂමතාවයෙන් ඉහළ දේශීය තාක්ෂණය. • කසල කළමණාකරණයට රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු තාක්ෂණය. • නිවෙස්වලින් බැහැර ක...

The Forever Records of Kandy girls' High School

First lady graduate in the island - Priscilla marshall (1898) First lady doctor to obtain the l.R.C.P. & s.(Edinburgh) nelly r. Jardine (1898) First guide company to be formed in sri lanka - (1917) First Brownie Company to be formed in sri lanka - (1918) First Ranger Company to be formed in sri lanka - (1921) First sri Lankan guide captain - Gladys vanderstraaten (1921) First guide in sri lanka to obtain the 'all round cord'- gladys vanderstraaten (1921) First Malay girl to matriculate in sri lanka - moodah chunchie (1925) First Chinese girl to graduate - Dorothy angie (1925) First girl in sri lanka to be awarded the university scholarship - lily fernando (1926) First Kandyan lady graduate and the first to win the 'tripos' of the Cambridge University - soma seneviratne (1927) First girl in sri lanka to be trained in physical education at lady willingdon college - nora perera First sri lankan lady to get a master’s degree in biochemistry...

ශ්‍රී ලංකාවේදී කෙනෙකුට මරණ දඬුවම හිමි උනොත් ඔහුගේ ජීවිතයේ අවසාන දවස් ගෙවෙන්නේ මෙහෙමයි

ලංකාවේ අවසන් වරට පුද්ගලයෙක් එල්ලා මරා ඇත්තේ 1976 ජුලි 23 වැනිදායි. ඒ වැලිකඩදී එල්ලා මරණ ලද ජේ.ඒ චන්ද්‍රදාස  හෙවත් හොඳ පපුවා නම් පුද්ගලයෙක්. එතැන් පටන් අද වනතෙක් වසර 40ක් තිස්සේ එල්ලුම් ගස දිගු නින්දකයි පසු වන්නේ. මේ දීර්ඝ නිහැඬියාව අතරේ උනත් සේයා ඝාතනය,  රීටා ජෝන්ස්  ඝාතනය වැනි අපරාධත් සමග එල්ලුම්ගහේ අවශ්‍යතාවය ගැන විශාල මහජන මතයක් ගොඩනැගුණා ඔබට මතක ඇති. අපරාධකරුවන්ගෙ නින්ද අහිමි කරල සාමාන්‍ය ජනතාව අතර බිහිසුණු කතන්දර මවන්නට එල්ලුම් ගහ සමත් වෙන්නෙ ඒ මගින් මිනිසෙක්ව මරා දමන නිසාම නෙමෙයි. අපරාධකරුවෙක්ට මරණීය දණ්ඩනය නියම වූ මොහොතේ පටන් එල්ලා මරණ තෙක් ගතවන කාලයම ඒ පුද්ගලයාට මරණයටත් වඩා බිහිසුණු අත්දැකීමක් වන නිසායි. එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන මෑත භාගයේදී පවා “ නිදහස දෙන්නේ නැතිනම් එල්ලා මරන්න ” යැයි කියමින්  සිරකරුවන් උපවාස කිරීමට  පෙළඹීමම මේ දුෂ්කර දණ්ඩනය ගැන සාක්ෂි සපයනවා. අපරාධයක් දැක සංවේදීව අමානුෂික අපරාධකරුවෙක් දෙස අපිත් අමානුෂික ඇසකින් බැලීම සාධාරණද නැද්ද? එයට පිළිතුර ඔබේ හෘද සාක්ෂිය විසින් දෙනු ඇත. එල්ලුම් ගහ අකුරට ක්‍රියාත්මක වූ අදින් වසර හතලිහක...