Skip to main content

සෙනෙහසට කවි ගී ලියවුනා මදි ....!!!!!!

ලෝකයේ නොමියයන සෙනෙහසක් වේනම් එය දරුවෙකුට මව්පියන්ගේ ලැබෙන්නාවූ සෙනෙස යැයි සිතුවෙමි.නමුත් එයත් මිය යමින් පවතී.ඒතරමටම පිරිහුණු සමාජය පිලිබදව යලි යලි කතා කිරීමෙන් පලක් නැත.දවසින් දවස විවිධාකාර අපරාධ  රට තුල වැඩිවෙමින් පවතී.ඒ සියලු අපරාධවලට වඩා ඉතාමත් වේදනාකාරීවුත් කුරිරුවුත් අපරාධය වන්නේ දෙමව්පියන් අතින් දරුවන්ටත් දරුවන් අතින් දෙමපියන්හටත් සිදුවන්නාවූ අපරාධයන්ය.ලෝකයේ ආදරය යන නාමය තවමත් පවතින්නේ නම් එයට හේතුව දෙමව්පියන් දරුවන් කෙරෙහි දක්වන්නාවූ ආදරය නිසාවෙනි.එයත් තුරන් වී ගියහොත් මහා සමාජීය ඛේදවාචකය වැඩි ඈතක නොවේ.මෙම වසර ආරම්භයත් සමග අසන්නට ලැබුනාවූ ඛේදනීය පුවත් දෙකක් හේතුවෙන් ඇතිවන්නේ මහත් වූ කලකිරීමකි.එක් පුවතක් වුයේ හිනිදුම වීරපන් ප්‍රදේශයේ පියෙක් විසින් අවුරුදු දෙකහමාරක් පමණ වයස ඇති තම බිලින්දාගේ ගෙල මිරිකා මරා සොහොන් බිමක ගොස් දමා තිබේ.අනෙක් පුවත වුයේ හැටන් ප්‍රදේශයේ පියෙකු විසින් තම මාස නවයක් පමණ වියැති බිලින්දා පොළොවේ ගසා මරා දමා තිබීමයි.ඝාතනය සදහා වූ හේතුව බිරිඳ සමග වූ ආරවුල ලෙසයි දැක්වෙන්නේ.හේතු දහස් ගණන් තිබුනත් තම දරුවා මරා දැමීමට තරම් සිතක් පැමිණියේනම් ඔහුගේ තත්වය විවරණය කිරීමට ලොවේ කිසිදු භාෂාවක වචනයක් සොයා ගත නොහැක.ඔහු මනුස්සයෙකු නොව සතෙකු ලෙසද  කිව නොහැක.හේතුව සතුන් පවා තම පැටවාගේ රැකවරණය වෙනුවෙන් තම අවසන් හුස්මය දක්වාම සටන් කරනු ඇත.මොවුන්ව “පියා” යන නාමයෙන් හැදින්වීම මුළු ලොවෙහි වෙසෙන තම දරුවන් තොර ලොවක් නොමැත යැයි සිතන්නාවූ සියලු පියවරුන්ට කරන්නාවූ නිග්‍රහයකි.මොවුන් කළ ක්‍රියාව දස මසක් කුසේ නොදැරුවත් ලේ කිරි කර නොපෙව්වත් තම මුළු ජිවිතයම තම දරුවා වෙනුවෙන් කැප කරන පියවරුන්හට කරන ලද නින්දාවකි.මෙවන් වූ පුවත් අප සමාජය තුල අලුත් දේවල් නම් නොවේ.

පසුගිය වසරේද තම ආදරවන්තිය හට ත්‍යාගයක් ගැනීමට මුදල් ලබානොදුන් හේතුවෙන් තරුණයෙකු තම මව කපා කොටා මරා දමන ලදී.එකම දියණිය තම නිවසේ සිටි බලු පැටවුන් හට සුඛෝපභෝගී කාමර ලබාදී තම පියා හට උරුම කළේ බලු කුඩුවයි.එක් තරුණයෙක් තම මව හට නැවත්වීමට ලබා දුන්නේ පාවිච්චි කොට අත්හරිනලද වැසිකිලියයි. පුද්ගලයෙකු  තම ආදරවන්තිය හා විවාහ වීමට තම එක් මසක් වියැති දියණිය,අවුරුදු පහක් වියැති පුත්‍රයා හා බිරිඳව අමු අමුවේ පුච්චා දැමුවේය...මෙවන් වූ සිද්ධි කීමට නම් බොහෝ ඇත.මෙය අප හට එදිනෙදා කියවන්නාවූ පුවතක් පමණක් වුවත් මෙය සත්‍යවශයෙන්ම සමාජය හට වැළදිගෙන එන්නාවූ පිලිකාවකි.එබැවින් සමාජයේ නැමැති ශරීරයේ එක් තැනක පමණක් මෙය නවතින්නේ නැත.මුළු ශරීරය පුරා පැතිරී ගොස් මරණය දක්වා කැදවාගෙන යාමට එය සමත්ය.මේ අතර අප සමාජය තුළම මව්පිය සෙනෙහස අහිමිවීම නිසා අඩා වැලපෙන්නාවූ දරුවන්ද, තම දරුවන් වෙනුවෙන් ජිවිතයම කැප කරන්නාවූ දෙමව්පියන්ද සිටිති.මේතරම්වත් මෙම මහපොළොව පවතින්නේ එවන්වූ අයගේ ආශීර්වාදය නිසාය.

මේ ආකාරයේ දෙමව්පියන් හා දරුවන් සම්බන්ධ අපරාධ පමණක් නොව මුලු ලක් බිමම සසල කළ තවත් අපරාධ බොහෝය.සේයා ඝාතනය,යාපනයේ විද්‍යා ඝාතනය,කහවත්ත කාන්තාවන් ඝාතනය,තවත් එවන් වූ ඉතාමත් කුරිරු ඝාතනය රැසක් සිදු වී ඇති අතර,සිදුවෙමින් පවතී.අලුතින් සිදුවෙන අපරාධයන් හමුවේ මිනිස්සුන් හට අතීතයේ සිදුවුණු අපරාධ අමතක වී යයි.මිනිස් ස්වභාවය එයයි.කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැති නව මාතෘකා සමාජ තුළ වැඩිවශයෙන් කතා වෙද්දී වැදගත් මාතෘකා යට වී යයි.සංගීත සංදර්ශන,ජනප්‍රිය අයගේ ඕපාදුප,ජාතිවාදය ඇවිස්සිම්,දේශපාලන මඩ ගැසීම්,සමාජ ජාල වලට ආවේනිකවූ මාතෘකා, එක් එක් අයගේ පෞද්ගලික ජීවිතවල තොරතුරු  යනාදියට දෙන්නාවූ අවකාශයවත් සමාජ සංශෝදනය උදෙසා මාධ්‍ය තුලින් නොලැබීම කණගාටුදායක තත්ත්වයකි.අපරාධයක් සිදුවුවහොත් ආණ්ඩුවටත්, රටේ පවතින නීතියටත් ,පොලිසියටත් බැන වදින මිනිස්සුන් තුළ මෙවන් වූ අපරාධ නැවත්වීමටනම් සමාජ සංශෝනය පෞද්ගලිකව එක් එක් පුද්ගලයා තුළින් අරම්භ විය යුතු බවට තේරුම් ගන්නා තාක් මෙවන් වූ කුරිරු ඉරණම් වලට නැවැත්වීමේ තිත තැබීම සිහිනයක් පමණි.

Comments

Popular posts from this blog

කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය

දශක ගණනාවක සිට අප රටේ නොවිසඳී පැවති ජාතික ප්‍රශ්නයක් නැවත මීතොට මුල්ලේ සිදුවූ ඛේදවාචකයත් සමග සියළුම ජනතාවගේ අවධානය ලබාගැනීමට සමත්ව තිබේ. නිසි කසළ කළමනාකරණයෙන් තොරව විවෘත බිම්වල කුණු කඳු ගොඩගැසීම හේතුවෙන් කටුක අත්දැකීම්වලට මුහුණ පෑමට දැන් අපට සිදුව තිබේ. එනිසා මෙය ජාතික ව්‍යසනයක් සේ සලකා ඊට නිසි විසදුම් සෙවීමට අපට සිදුව ඇත. අනෙක් අතට අප මේ අත්විඳිමින් සිටින්නේ, විද ්වතුන් ගේ දැනුම කේන්ද්‍ර කර ගත් තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගනු වෙනුවට ඉතාමත් ප්‍රාථමික ක්‍රමවේදයන් උපයෝගී කරගෙන කසළ කළමනාකරණය කිරීමට යාමේ ප්‍රතිඵලයයි. එම නිසා අද දවසේ ජාතික වගකීම වනුයේ මේ සඳහා ජාතික වැඩ පිළිවෙලක් සහිත පුළුල් විද්‍යාත්මක ක්‍රමවේදයක් හා බැඳුණු නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගැනීමට කටයුතු කිරීමය. මූලික වශයෙන් මේ කරණු හතර සඳහාවත් අප අවධානය යොමු කළ යුතුවේ. • සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව විද්‍යාත්මක ක්‍රමවේද සොයා යෑම. • කාබනික ඝන අපද්‍රව්‍යවලින් ප්‍රවාහන ඉන්ධන සහ විදුලිය නිපදවීම. • නවීන තාක්ෂණය බැඳුණු කාර්යක‍ෂමතාවයෙන් ඉහළ දේශීය තාක්ෂණය. • කසල කළමණාකරණයට රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු තාක්ෂණය. • නිවෙස්වලින් බැහැර ක...

The Forever Records of Kandy girls' High School

First lady graduate in the island - Priscilla marshall (1898) First lady doctor to obtain the l.R.C.P. & s.(Edinburgh) nelly r. Jardine (1898) First guide company to be formed in sri lanka - (1917) First Brownie Company to be formed in sri lanka - (1918) First Ranger Company to be formed in sri lanka - (1921) First sri Lankan guide captain - Gladys vanderstraaten (1921) First guide in sri lanka to obtain the 'all round cord'- gladys vanderstraaten (1921) First Malay girl to matriculate in sri lanka - moodah chunchie (1925) First Chinese girl to graduate - Dorothy angie (1925) First girl in sri lanka to be awarded the university scholarship - lily fernando (1926) First Kandyan lady graduate and the first to win the 'tripos' of the Cambridge University - soma seneviratne (1927) First girl in sri lanka to be trained in physical education at lady willingdon college - nora perera First sri lankan lady to get a master’s degree in biochemistry...

ශ්‍රී ලංකාවේදී කෙනෙකුට මරණ දඬුවම හිමි උනොත් ඔහුගේ ජීවිතයේ අවසාන දවස් ගෙවෙන්නේ මෙහෙමයි

ලංකාවේ අවසන් වරට පුද්ගලයෙක් එල්ලා මරා ඇත්තේ 1976 ජුලි 23 වැනිදායි. ඒ වැලිකඩදී එල්ලා මරණ ලද ජේ.ඒ චන්ද්‍රදාස  හෙවත් හොඳ පපුවා නම් පුද්ගලයෙක්. එතැන් පටන් අද වනතෙක් වසර 40ක් තිස්සේ එල්ලුම් ගස දිගු නින්දකයි පසු වන්නේ. මේ දීර්ඝ නිහැඬියාව අතරේ උනත් සේයා ඝාතනය,  රීටා ජෝන්ස්  ඝාතනය වැනි අපරාධත් සමග එල්ලුම්ගහේ අවශ්‍යතාවය ගැන විශාල මහජන මතයක් ගොඩනැගුණා ඔබට මතක ඇති. අපරාධකරුවන්ගෙ නින්ද අහිමි කරල සාමාන්‍ය ජනතාව අතර බිහිසුණු කතන්දර මවන්නට එල්ලුම් ගහ සමත් වෙන්නෙ ඒ මගින් මිනිසෙක්ව මරා දමන නිසාම නෙමෙයි. අපරාධකරුවෙක්ට මරණීය දණ්ඩනය නියම වූ මොහොතේ පටන් එල්ලා මරණ තෙක් ගතවන කාලයම ඒ පුද්ගලයාට මරණයටත් වඩා බිහිසුණු අත්දැකීමක් වන නිසායි. එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන මෑත භාගයේදී පවා “ නිදහස දෙන්නේ නැතිනම් එල්ලා මරන්න ” යැයි කියමින්  සිරකරුවන් උපවාස කිරීමට  පෙළඹීමම මේ දුෂ්කර දණ්ඩනය ගැන සාක්ෂි සපයනවා. අපරාධයක් දැක සංවේදීව අමානුෂික අපරාධකරුවෙක් දෙස අපිත් අමානුෂික ඇසකින් බැලීම සාධාරණද නැද්ද? එයට පිළිතුර ඔබේ හෘද සාක්ෂිය විසින් දෙනු ඇත. එල්ලුම් ගහ අකුරට ක්‍රියාත්මක වූ අදින් වසර හතලිහක...