Skip to main content

කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය



දශක ගණනාවක සිට අප රටේ නොවිසඳී පැවති ජාතික ප්‍රශ්නයක් නැවත මීතොට මුල්ලේ සිදුවූ ඛේදවාචකයත් සමග සියළුම ජනතාවගේ අවධානය ලබාගැනීමට සමත්ව තිබේ. නිසි කසළ කළමනාකරණයෙන් තොරව විවෘත බිම්වල කුණු කඳු ගොඩගැසීම හේතුවෙන් කටුක අත්දැකීම්වලට මුහුණ පෑමට දැන් අපට සිදුව තිබේ. එනිසා මෙය ජාතික ව්‍යසනයක් සේ සලකා ඊට නිසි විසදුම් සෙවීමට අපට සිදුව ඇත. අනෙක් අතට අප මේ අත්විඳිමින් සිටින්නේ, විද්වතුන් ගේ දැනුම කේන්ද්‍ර කර ගත් තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගනු වෙනුවට ඉතාමත් ප්‍රාථමික ක්‍රමවේදයන් උපයෝගී කරගෙන කසළ කළමනාකරණය කිරීමට යාමේ ප්‍රතිඵලයයි. එම නිසා අද දවසේ ජාතික වගකීම වනුයේ මේ සඳහා ජාතික වැඩ පිළිවෙලක් සහිත පුළුල් විද්‍යාත්මක ක්‍රමවේදයක් හා බැඳුණු නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගැනීමට කටයුතු කිරීමය. මූලික වශයෙන් මේ කරණු හතර සඳහාවත් අප අවධානය යොමු කළ යුතුවේ.

• සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව විද්‍යාත්මක ක්‍රමවේද සොයා යෑම.

• කාබනික ඝන අපද්‍රව්‍යවලින් ප්‍රවාහන ඉන්ධන සහ විදුලිය නිපදවීම.

• නවීන තාක්ෂණය බැඳුණු කාර්යක‍ෂමතාවයෙන් ඉහළ දේශීය තාක්ෂණය.

• කසල කළමණාකරණයට රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු තාක්ෂණය.

• නිවෙස්වලින් බැහැර කරන ලද ඉතාම ඉහළ කාබනික අගයකින් යුත් කසළ

• කසළ කළමනාකරණයේ විද්‍යාත්මක ක්‍රම වේද

නවීන ලෝකයේ කසළ කළමනාකරණයේ දී ප්‍රධාන වශයෙන් ක්‍රමවේද හතරක් දැනට ප්‍රයෝජනයට ගනී. ඒවා නම්,

කසළ දහනය (Incenaration), ජීව වායු තාක්ෂණය (Anaerobic Digestion), සනීපාරක්ෂක කසළ රඳවන (Engineered Land Fill), කොම්පෝස්ට් නිපදවීම (Composting).

“අප රටට අවශ්‍ය නිවැරදි තාක්ෂණ හඳුනා ගැනීම සහ කසළ වර්ගීකරණය නීතිගත කිරීම.”

නිවැරදි තාක්ෂණය යොදා ගැනීමට පෙර ජාතික මට්ටමේ කසළ වර්ගීකරණයක් (Source Sepration) ක්‍රියාත්මක කළ යුතුය. තාක්ෂණය යොදා ගැනීමේදී ප්‍රධාන සාධකය වන්නේ වර්ගීකරණය කරන ලද කසළ එම කර්මාන්ත ශාලාවට ලැබීමට සැලැස්වීම ය. බටහිර රටවල මෙම තාක්ෂණය ජයගෙන ඇත්තේ නිවැරදි කසළ වර්ගීකරණය හඳුන්වාදීම සහ නීතිමය රාමුව තුළිනි. අප රටේ ජනතාවගේ සාක්ෂරතාවය ඉතා ඉහළ මට්ටමක පවතින නිසා ඔවුන් මේ සඳහා අනුගත කර ගැනීම අසීරු නොවනු ඇත. මීතොටමුල්ලේ ඛේදවාචකයෙන් පසු රටේ වගකිවයුතු ජනමාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය මගින් මේ දක්වා අධ්‍යාපනික වැඩසටහන් සහ දැනුවත් කිරීම් නොකිරීම එක් අතකින් ජාතියේ අවාසනාවකි.

නගර සභා පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය සභා කේන්ද්‍ර කරගත් තාක්ෂණික ඒකක පිහිටුවීම.

කසළ බැහැර කිරීමට අවශ්‍ය බැකෝ යන්ත්‍ර සහ කසළ පිරවීම සඳහා අලූත් ඉඩම් සෙවීම වෙනුවට මෙම ආයතන තාක්ෂණය මගින් සන්නද්ධ කළ යුතුය. රජය මගින් මෙහි දී අදාළ නිළධාරීන්ට තාක්ෂණික දැනුම ලබාදීම වහා කළ යුතු කාර්යක් වේ.

රට තුළ ආරම්භ කරන ලද කසළ කළමනාකරණ ව්‍යාපෘති අසාර්ථක වූයේ ඒවාට යොදා ගත් තාක්ෂණයේ ඇති වැරදි හෝ දෝෂවලට වඩා එම තාක්ෂණය නිවැරදිව කළමනාකරණය කිරීමට නොහැකි වූ බැවිනි. එනිසා මෙම ව්‍යාපෘති අධීක‍ෂණය සඳහා විද්වත් මණ්ඩල පත්කළ යුතුය.

කාබනික අපද්‍රව්‍ය (Biodrgradable Organic Fraction) කළමනාකරණය නිවැරදි තාක්ෂණය හඳුනාගැනීම.

කාබනික අපද්‍රව්‍ය කළමනාකරණයට මහා පරිමාණයේ ජීව වායු තාක්ෂණය යොදා ගැනීම මගින් බලශක්තිය සහ කාබනික පොහොර නිෂ්පාදනය ඉතා සාර්ථකව සිදු කළ හැකිය. විදේශීය තාක්ෂණය මේ සඳහා මහා පරිමාණයෙන් යොදා ගැනීමේදී අධික ප්‍රාග්ධනයක් ආයෝජනය කිරීමට සිදුවේ.

ඒ සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු අංශය ලබාදෙන පාඨමාලාව මගින් කසළ කළමනාකරණය සඳහා අවශ්‍ය මූල ධර්ම අදාළ සෛද්ධාන්තික හා ප්‍රායෝගික දැනීම ලබාදේ. බටහිර දැනුම උකහා ගනිමින් අප රටට ගැලපෙන විද්‍යාත්මක ක්‍රමවේදයන් හඳුන්වාදීම රටේ ජාතික අවශ්‍යතාවයකි.

නවීන තාක්ෂණයේ ගුණාංග සහිතව දේශීය තාක්ෂණික උපකරණ යොදාගෙන කසළ කළමනාකරණය සඳහා කුඩා පරිමාණයේ කර්මාන්ත ශාලාවක් (Pilot Plant) මොරටු සරසවියේ පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇත. විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවල නිපදවන කාබනික අපද්‍රව්‍ය මෙහි අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නා අතර, කසළ පිළිබඳ ලංකාවේ සිදු කළ විද්‍යාත්මක අධ්‍යයනවලින් අනතුරුව මෙය නිර්මාණය කර ඇත.

එනිසා සම්ප්‍රදායික ජීව වායු තාක්ෂණයේ දුර්වලතා මැනවින් අධ්‍යයනය කර කාර්යක‍ෂමතාවය වැඩි වන අයුරින් මෙය නිමැවීමට (Design & Fabrication) අපට හැකිවිය. ජෛව ක්‍රියාවලියට බඳුන් කිරීමට පෙර කසළ ඉතා හොඳින් සකස් කරන (Pre Treatment) අතර අවශ්‍ය තත්ත්ව මනා ලෙස පාලනය කරනු ලබයි. අප සතුව ඇති විද්‍යාගාර තුළ මෙම තත්ත්ව නිරතුරුවම පරීක්ෂා කර බලන අතර එමගින් ක්‍රියාවලිය ස්ථායීව පවත්වා ගෙනයාමට හැකිවිය.

කාබනික කසළ මගින් නිපදවන ලද මීතේන් වායුව ප්‍රවාහන ඉන්ධනයක් ලෙස යොදා ගැනීම.

මහා පරිමාණයේ ජීව වායු තාක්ෂණය (Large Scale Anaerobic Digestion) ඉතා තිරසාර (Sustainable) විසඳුමක් වන අතර, පොහොර සහ ජෛව ඉන්ධන ප්‍රධාන පලයන් ලෙස ලැබේ. මෙමගින් නිපදවන මීතේන් වායුව පිරිසිඳු කර සම්පිණ්ඩනය කර ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ත්‍රීවිල් රථයක් ධාවනය කිරීමට අපට හැකි විය. දිනපතා නිපදවෙන කාබනික කසළ ටොන් දහස් ගණන් භාවිතා කර මෙම ඉන්ධනය නිපද වුවහොත් අපට ඉතිරි කර ගත හැකි ජාතික ධනය පිළිබඳව ඔබ විශ්මයට පත්වනු ඇත.

කසළ අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කර තාක්ෂණය අලූතින් ගොඩ නැගීම(New Technology Development) ප්‍රධාන අදියර තුනකින් සිදුවන්නකි. එනම් විද්‍යාගාර මට්ටමේ පරීක‍්ෂණ, කුඩා කර්මාන්තයක් ලෙස අධ්‍යයනය, තෙවනුව එය මහා පරිමාණ ලෙස වැඩි කිරීම. කසළ නිවැරදිව හඳුනා ගැනීම, එහි අඩංගු සංරචක විද්‍යාත්මක ක්‍රම මගින් නිර්ණය කිරීම,ඊට අවශ්‍ය ඉතා ඉහළ තලයේ අන්තර් ජාතික තත්ත්වයේ පරීක‍්ෂණ උපකරණ, ඒ හා සම්බන්ධ ක්‍රියා පිළිවෙලවල්, රසායන ක්‍රියාවලිය හා ඉංජිනේරු අංශය අප සතුව පවතී.

මහා පරිමාණ කසළ කළමනාකරණය කිරීමේ කර්මාන්ත අපේ රටට අවශ්‍ය ඇයි?

කාබනික ඝන අපද්‍රව්‍ය යොදා ගෙන විදේශීය රටක පළාත් පාලන ආයතනයක් සතු මහා පාරිමාණයේ කර්මාන්ත ශාලාවක් මෙහි දක්වා ඇත. ඉතාමත් සීතල දේශගුණ තත්ත්ව යටතේ මෙම කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යයි. නමුත් නිවර්තන දේශගුණයක් ඇති අප රටේ මේවා ස්ථාපිත කිරීම ඉතා පහසු කටයුත්තකි.

විය යුත්තේ කුමක්ද?

කසළ වර්ගීකරණය සහ කළමනාකරණය සම්බන්ධව කථීකාවත් සමාජය තුළ වහා ගොඩනැගිය යුතු අතර නිවැරදි විද්‍යාත්මක තාක්ෂණය ඒ සඳහා භාවිතා කළ යුතුය. කසළ සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක් අධ්‍යාපන ක්‍රම තුළ මෙන්ම සාමාන්‍ය ජනතාව තුළ ද ඇති කිරීම ප්‍රධාන අභියෝගයකි. මෙම අභියෝග ජය ගැනීම සඳහා වහා කටයුතු කළ යුතුය.

එමෙන්ම පළාත් පාලන ආයතන, නගර සභා හා ප්‍රාදේශීය සභා කේන්ද්‍ර කර ගත් මහා පරිමාණයේ කසළ කළමනාකරණ ව්‍යාපෘති ස්ථාපිත කර ජනතාවට ද ප්‍රතිලාභ ලබාදී ඔවුන් දිරි ගැන්වීම තුළින් කසළ ප්‍රශ්නයට තිරසාර විසඳුම් ලබාදීම කඩිනමින් කළ යුතුය.
Source- dinamina.lk




Comments

Popular posts from this blog

The Forever Records of Kandy girls' High School

First lady graduate in the island - Priscilla marshall (1898) First lady doctor to obtain the l.R.C.P. & s.(Edinburgh) nelly r. Jardine (1898) First guide company to be formed in sri lanka - (1917) First Brownie Company to be formed in sri lanka - (1918) First Ranger Company to be formed in sri lanka - (1921) First sri Lankan guide captain - Gladys vanderstraaten (1921) First guide in sri lanka to obtain the 'all round cord'- gladys vanderstraaten (1921) First Malay girl to matriculate in sri lanka - moodah chunchie (1925) First Chinese girl to graduate - Dorothy angie (1925) First girl in sri lanka to be awarded the university scholarship - lily fernando (1926) First Kandyan lady graduate and the first to win the 'tripos' of the Cambridge University - soma seneviratne (1927) First girl in sri lanka to be trained in physical education at lady willingdon college - nora perera First sri lankan lady to get a master’s degree in biochemistry...

ශ්‍රී ලංකාවේදී කෙනෙකුට මරණ දඬුවම හිමි උනොත් ඔහුගේ ජීවිතයේ අවසාන දවස් ගෙවෙන්නේ මෙහෙමයි

ලංකාවේ අවසන් වරට පුද්ගලයෙක් එල්ලා මරා ඇත්තේ 1976 ජුලි 23 වැනිදායි. ඒ වැලිකඩදී එල්ලා මරණ ලද ජේ.ඒ චන්ද්‍රදාස  හෙවත් හොඳ පපුවා නම් පුද්ගලයෙක්. එතැන් පටන් අද වනතෙක් වසර 40ක් තිස්සේ එල්ලුම් ගස දිගු නින්දකයි පසු වන්නේ. මේ දීර්ඝ නිහැඬියාව අතරේ උනත් සේයා ඝාතනය,  රීටා ජෝන්ස්  ඝාතනය වැනි අපරාධත් සමග එල්ලුම්ගහේ අවශ්‍යතාවය ගැන විශාල මහජන මතයක් ගොඩනැගුණා ඔබට මතක ඇති. අපරාධකරුවන්ගෙ නින්ද අහිමි කරල සාමාන්‍ය ජනතාව අතර බිහිසුණු කතන්දර මවන්නට එල්ලුම් ගහ සමත් වෙන්නෙ ඒ මගින් මිනිසෙක්ව මරා දමන නිසාම නෙමෙයි. අපරාධකරුවෙක්ට මරණීය දණ්ඩනය නියම වූ මොහොතේ පටන් එල්ලා මරණ තෙක් ගතවන කාලයම ඒ පුද්ගලයාට මරණයටත් වඩා බිහිසුණු අත්දැකීමක් වන නිසායි. එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන මෑත භාගයේදී පවා “ නිදහස දෙන්නේ නැතිනම් එල්ලා මරන්න ” යැයි කියමින්  සිරකරුවන් උපවාස කිරීමට  පෙළඹීමම මේ දුෂ්කර දණ්ඩනය ගැන සාක්ෂි සපයනවා. අපරාධයක් දැක සංවේදීව අමානුෂික අපරාධකරුවෙක් දෙස අපිත් අමානුෂික ඇසකින් බැලීම සාධාරණද නැද්ද? එයට පිළිතුර ඔබේ හෘද සාක්ෂිය විසින් දෙනු ඇත. එල්ලුම් ගහ අකුරට ක්‍රියාත්මක වූ අදින් වසර හතලිහක...