Skip to main content

මුස්ලිම් විවාහ නිතිය හා සමාජ කතිකාවත

අප රට තුලට කලින් කලට උණුසුම් මාතෘකාවන් පැමිණීමත් ඒවා දැඩි විවාදයට හා කතා බහට ලක් වීමත්, පසුව එහි කිසිදු සලකුණක් ඉතිරි නොකරමින් සියලු දෙනාගේම මතකයෙන් ඈත් වීමත් සාමාන්‍යයෙන් සිදුවන්නාවූ දෙයකි.දැන් මතුවී ඇති මුස්ලිම් විවාහ නිතිය පිළිබද ප්‍රශ්නයද එසේමය.වයස 18 අඩු මුස්ලිම් තරුණියක් විවාහ වී දැඩි පිඩනයට ලක් විමේ සිද්ධියක් BBC යහි වාර්තා වීම තුළින් යළි මෙම ප්‍රශ්නය මතුවිය. 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ලංකාවේ මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වෙන අතර එය ඉස්ලාම් දහමේ ප්‍රතිපතීන් ආභාශය ගනිමින් සකස් කරන ලද්දක් වුවත් එය සම්පුර්ණයෙන්ම අනුගමනය කරමින් සකස් කරන ලද්දක් නොවන බව තේරුම් ගත යුතුයි. එබැවින් ඒ තුල බොහෝ දුර්වලතා දක්නට ලැබේ. ඒ හේතුවෙන් බහුතර මුස්ලිම්වරු ශ්‍රී ලාංකීය ඉස්ලාමීය විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කලයුතුයි යන අදහස දරති. ඒ සදහා ඉස්ලාමීය විද්වතුන් හා සිවිල් සංවිධාන විසින් සමීක්ශන හා දත්ත රැස්කිරීම්වලින් සිදු කළ අතර අනතුරුව සංශෝධනයක ඇති අවශ්‍යතාව හා විශේෂයෙන් විවාහ වීමට අවම වයස් සීමාවක් පැනවීම ගැන අවධානය යොමු කර තිබේ.
මුස්ලිම් නිතිය යටතේ වයස 18 අඩු අයට විවාහ විය හැකි අතර සංශෝධිත 1942 අංක 44 උඩරට විවාහ හා දික්කසාද පනත 4 වගන්තිය අනුව වයස 18ට අඩු විවාහය සදහා අනුමැතිය ලබා දි තිබේ. නමුත් සාමාන්‍ය නිතිය අනුව වයස 18 අඩු විවාහ තහනම්ය. මෙම වයස 18 අඩු විවාහ පිළිබද කතිකාවත මුස්ලිම් නොවන්නන් අතර විශාල ප්‍රශ්නයක් වුවද මුස්ලිම්වරුන්ගෙන් බොහෝ දෙනා මෙය ලොකු ප්‍රශ්නයක් ලෙස නොගන්නේ මෙය බොහෝ දෙනාට අදාළ නොවන්නක් වීමයි. වර්තමානය වනවිට මුස්ලිම් සමාජය තුළ වයස 18 අඩු කාන්තාවන් විවාහ වීම දක්නට ලැබෙන්නේ ඉතාම සුළු ප්‍රතිශතයකි.එයිනුත් බහුතරයක්ම ආර්ථක අපහසුතා ඇති ඉතාමත් දුෂ්කර ජිවිතයක් ගත කරන අධ්‍යාපන මට්ටමෙන් ඉතාමත් පහළ මට්ටමේ සිටින අය හෝ පෞද්ගලික හේතු මත විවාහ වන මුස්ලිම්වරුන් වෙති. අද මුස්ලිම් සමාජය ගත් කළ කාන්තාවන් බහුතරයක් විවාහ වන්නේ වයස 25-35 අතරහි ය.එයට හේතුව අතීතයට වඩා මුස්ලිම් කාන්තාවන් වර්තමානයෙහි උසස් අධ්‍යාපනය සදහා යොමු වීමයි. වර්තමානයේ මුස්ලිම් සමාජය ගත් කළ පිරිමින්ට වඩා කාන්තාවන් අධ්‍යාපන මට්ටමින් ඉහලින්ම සිටිති.
කුමන නීති හදුන්වා දුන්නත් කෙනෙකුට ආරක්ෂාව ලැබෙන මුල්ම තැන පවුලයි.කෙනෙකුට පවුල තුළම නිසි අයිතිවාසිකම හා ආරක්ෂාව නොලැබෙන්නේ නම් රට තුළ කුමන නීති පැන වුවත් පලක් නැත. වැරැද්ද ආගම මත පැටවිමෙන්ද පලක් නැත. අදාළ සිද්ධීන් ගත් කළ තේරුම් යන කරුණක් වන්නේ දරුවාට උපරිම රැකවරණය ලබා දිය යුතු, ඇයගේ ඕනෑ එපාකම් සොයා බැලිය යුතු, ඇගේ කැමැත්ත පිළිබද සැලකිලිමත් විය යුතු පවුලේ සමීපතයන් පවා එයට ප්‍රතිවිරුද්ධ ලෙස කටයුතු කර තිබීමයි.එසේනම් මෙහි ඇත්තේ නිතිය පිළිබද ප්‍රශ්නයක් නොව සමාජ හා යහපැවැත්ම පිළිබද ප්‍රශ්නයකි.
ඉස්ලාමය අනුව විවාහයකදී විවාහ වන දෙදෙනාගේ කැමැත්ත අනිවාර්ය වේ. දෙමව්පියන්ගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත් බව කෙනෙක් කියනවානම් එය සම්පුර්ණයෙන්ම වැරදිය. ඉස්ලාමය අනුව බලෙන් විවාහ කර දීම, උත්තර්ජනය මත විවාහ කරදීම තහනම් කර ඇති අතර විවාහයකදී මනමාලයා හෝ මනමාලිය කෙනෙකුගෙන් එක්කෙනෙක්වත් විවාහයට අකමැත්තෙන් සිටින්නේ නම් එය පිලි ගත නොහැකි විවාහයක් ලෙස හදුන්වනු ලබයි. එබැවින් ලංකාවේ පවතින මුස්ලිම් නිතිය දෙස බලමින් ඉස්ලාම් දහමට කෙනෙකු චෝදනා කරනවානම් එය වැරදිය. කිසිදු දහමක විවාහ වීමේ නිශ්චිත වයසක් සදහන් කර නොමැති සේම ඉස්ලාමය තුලද එලෙස නිශ්චිත වයසක් පිළිබද සදහන් නොවේ. එයින් අදහස් වන්නේ කාන්තාවන් කුඩා වයසේදීම විවාහ විය යුතු බව නොවේ. ඇය ශාරීරික හා මානසික වශයෙන් සුදානම් වීම , විවාහය සදහා නිර්ණය ලෙස දක්වනු ලබයි. එනම් කෙනෙකුගේ වයස නැමති අංකය මත කෙනෙකුගේ විවාහ වීමේ ශරිරික හා මානසික සුදානම් වීම කිව නොහැකිය.මෙම ප්‍රස්තුතය ගෙන එනම් නිශ්චිත වයසක් සදහන් කර නොමැති වීම යන කරුණ අනිසි ප්‍රයෝජනයට ගනු ලබන සමහර මුස්ලිම් දෙමව්පියන් ළමයාගේ ශාරීරික හා මානසික වශයෙන් සුදනම්විම, ඇගේ කැමැත්ත, කිසිවක් පිළිබද නොසිතා තම හිතුමතේට තම වගකීමෙන් නිදහස් වීමට කර දෙන්නාවූ විවාහවල ප්‍රථිපල ලෙස මෙවන් ආකාරයට ගැහැණු දරුවන් අසරණ වෙති.කෙනෙකු අතපය කපා ගනිමින් සිය දිවි හානි කිරීමට තැත් කරමින් විවාහයක් ප්‍රතික්ෂේප කරන විටත් බලෙන් විවාහ කර දෙන තරමට තිබෙන්නා වූ අවශ්‍යතාවය කුමක්ද?
මෙවන් සිද්ධීන් මුස්ලිම් සමාජයට පමණක් සිමා වුවක් නොවේ.අනෙකුත් ජන වර්ග තුලද මෙවන් වූ දෑ අසන්නට ලැබීම සාමාන්‍ය දෙයකි. එක් වෙනසකට ඇත්තේ මුස්ලිම් නොවන අයට වයස 18 අඩුවෙන් විවාහ වීම නීතියෙන් තහනම් කර තිබීමත් මුස්ලිම්වරුන්ට එලෙස නොතිබිමත්ය. නීති තිබුනත් නැතත් සිදුවන වැරදි සිදුවෙමින් පවතී. දණ්ඩ නීති සංග්‍රහයට අනුව තහනමට හා දැඩි දඩුවම් ලැබිය හැකි වරදවල් ලෙස නම් කර ඇත්තාවු වැරදි වලද කිසිදු අඩුවක් අප රට තුළ දක්නට නොලැබේ. මා මෙහිදී වයස 18 අඩුවෙන් විවාහ වීමට අවසර තිබීම සාධාරනිකරණය කිරීමට උත්සාහ නොකරමි. රටේ සියලු දරුවන්ට හිමිවන නිදහස හා අයිතිවාසිකම් මුස්ලිම් දරුවන්ටද ලැබිය යුතුයි යන මතයෙහි සිටින්නෙමි.
වයස අඩු ළමා විවාහ සමග කතාවට එක්වුණු තවත් චෝදනාවක් වන්නේ මුස්ලිම් පල්ලියේ හා පුජකවරු මෙම ළමා විවාහවලට දැඩි සහයෝගයක් ලබා දෙන බවත්, බලෙන් විවාහ කර දීමට සහය පල කරන බවත්ය. මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය කතාවකි. මුස්ලිම් විවාහයකදී පලිලියෙන් කිසිදු බලපෑමක් සිදු නොවන අතර මුස්ලිම් විවාහ තීරණ කටයුතු වලට ඔවුන් කිසිසේත්ම මැදිහත් වන්නේද නැත .මුස්ලිම් පුජකවරුන් යනු අනෙක් ආගමික පුජකවරු මෙන්ම 100% ආගමික කටයුතු සමග පමණක් බැදුණු අය නොවේ. ඔවුන්ටද සාමාන්‍ය මුස්ලිම්වරුන් මෙන්ම දරු පවුල් සිටිති. පවුල් වගකීම් තිබේ. ඔවුන්ද සාමාන්‍ය මුස්ලිම්වරුන් මෙන් ජිවිතයක් ගත කරති. එබැවින් මෙවන් වූ විවාහ එකතු කිරීම, බලෙන් විවාහ කරදීම සදහා ඔවුන්ට අවශ්‍යතාවයක්ද නැත. මුස්ලිම් විවාහ උත්සවයකදී පමණක් ඔවුන් ආරාධනය අනුව සහභාගී වෙති. මුස්ලිම් දික්කසාද කටයුතු කාති උසාවිය මගින් සිදු කරන අතර ඒ සදහා පල්ලිය හෝ පුජකවරු මැදිහත් නොවෙති. තවද මුස්ලිම් කාන්තාවක් සැමියාගේ තාඩන පීඩනවලට ලක්වනවානම් ඇයට ‘ෆසා හෝ කුලා ‘ ක්‍රමය යටතේ පහසුවෙන් දික්කසාදය ලබා ගත හැකිය. එබැවින් ගුටි කමින් දැඩි පීඩනයකට ලක් වෙමින් අකැමැති විවාහයක් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවේ. තවද කාන්තාවන්ගේ හෝ ළමයින්ගේ පමණක් නොව පවුල් පරිසරය තුල දී ප්‍රචණ්ඩත්වයට පත් වන්නාවු සෑම දෙනාගේම අයිතිවාසිකමි ආරක්ෂාකර දීම පිණිස 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රීයා වැලැක්වීමේ පනත අනුව සහනයක් ලබා ගත හැකිය.
මෑතකදී පුත්තලමෙහි ළමා විවාහයක් කරගත් මුස්ලිම් තරුණියකුට ඇගේ සැමියා දැඩි හිංසාවට ලක් කළ අතර අවසානයේ ඔහු විසින් ඇයව ගිනි තබා ඝාතනය කළේය.මෙම සිදුවීමත් සමග බොහෝ දෙනා දිගට හරහට ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට බැන වදින්නට පටන් ගත්හ. විවිධ කතා කියුහ. අමානුෂ්‍ය නීති ක්‍රමය හා සමාජය හේතුවෙන් ඇයට එලෙස සිදු වූ බව බොහෝ දෙනා කියුහ.නමුත් සත්‍ය වශයෙන්ම සිදුවූ දේ බොහෝ දෙනා නොදැන සිටියහ. ඒ සිද්ධීය සම්බන්දයෙන් බොහෝදෙනා පැවසුවේ එම තරුණියව බලෙන් කුඩා වයසෙහිදිම විවාහ කර දි ඇති බවත්, දෙමව්පියන් ඇගේ කැමත්තෙන් තොරව ඇයට වඩා බොහෝ වයසින් වැඩි කෙනෙකුට දෙවන බිරිද ලෙස විවාහ කර දි ඇති බවත්, ඇය තාඩන පීඩනවලට ලක්ව දික්කසාදය ඉල්ලා සිටියද පල්ලියෙන් ලබා නොදුන් බවත්, සමාජයේ කිසිම කෙනෙකු ඇගේ සහයට නොසිටි බවත් පවසමින් දිගින් දිගට ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට චෝදනා එල්ල කිරීමට එම මරණය යොදා ගත්හ. නමුත් සිදු වුයේ එය නොවේ. එම තරුණිය අදාළ පුද්ගලයාව විවාහ කරගත්තේ ආදර සම්බන්ධතාවයක ප්‍රථිපලයක් ලෙස මුළු පවුලේම අකැමැත්ත මත නිවසෙන් පැන යාමෙනි. නමුත් විවාහයෙන් පසුව සැමියාගේ තාඩන පීඩනවලට ලක්වන ඇයට ඔහුගෙන් දික්කසාද වන ලෙස පවුලේ අය ඉල්ලා සිටියද ඇය ඒ සදහා අකැමැති වුවාය. ගමේ බොහෝ දෙනා ඇයගේ ආර්ථික දුෂ්කරතා මග හරවා ගැනීම සදහා උපකාර කර ඇත.පවුලේ උදවිය ද අවසානය දක්වා ඇගේ සහයෝගයට සිටියහ. ඇයට මෙම ඉරණම අත්වන්නේ මෙවන් වාතාවරණයක් තුළය. මෙහිදී පල්ලියහි මැදිහත් වීමක් සිදු නොවූ අතර ඇගේ පෞද්ගලික ජිවිතය පිළිබද තීරණ කිරීම සදහා පල්ලියට මැදිහත් වීමේ හැකියාවක්ද නොමැත. නමුත් මෙහිදී පුදුමයට කරුණ නම් ඇගේ මරණයත් සමග මුස්ලිම් සමාජයට බැන වදින්නට පටන් ගත් අය මෙතරම් අමානුෂික ක්‍රියාවක් කළ ඇගේ සැමියා පිළිබද අමතක කළහ. මෙවන්වූ අමානුෂික සිත් ඇති පුද්ගලයන් සියලු ආගමකම සිටිති. මනුෂ්‍යත්වය නොමැති තැන ආගමක්ද තිබිය නොහැක. කෙනෙකු කළ ක්‍රියාවක් හේතුවෙන් මුළු මහත් මුස්ලිම් සමාජයටම බැන වැදීම කිසිසේත්ම සාධාරණ නොවේ.
කුමන නීති දැමුව ද සමාජයෙහි සිදු වෙන්නාවූ අයහපත් දේවල් තුරන් කිරීමට නම් යහපත් සදාචාරත්මක සමාජයක් බිහි විය යුතුය. නිවාස තුලම කෙනෙකුට ආරක්ෂාව නොමැතිනම් එවන් කෙනෙකුට නිතිය ඉදිරියේ ආරක්ෂාව ලබා දෙන්නේ කෙසේද? සත්‍ය වශයෙන්ම කියනවානම් මුස්ලිම් සමාජය තුළ මෙම වයස 18 අඩු විවාහ වීමට හැකිවීම ප්‍රධාන ප්‍රශ්නයක් නොවේ.
නමුත් මුස්ලිම් කාන්තාවන්ගේ ඉතාමත් සුළුතරයක් මේ හේතුවෙන් අසාධාරණයට ලක් වෙති. එබැවින් මෙවන්වූ නීතියේ බහුවිධභාවය නිසා හටගන්නා ගැටුම් තුරන් කිරීමට යෝජනා හා නීතින් නැවත සංශෝධනය කොට පැහැදිලි ලෙස සංග්‍රහ ගත කල යුතුයි. නීති පුනරීක්ෂණය කිරීමේ කොමිසමක් ක්‍රියාත්මක කරමින් නව චින්තනයන් ඇතුලත් කරමින් එම තත්ත්වයන් පොදුවේ අදාල කොට නීති මුලධර්ම වර්ධනය කළ යුතුය. සෑම නීති පද්ධතියක් තුළම පවතින දුර්වලතා හැකිතාක් දුරට අවම වන අයුරින් මානව හිමිකම්වලට, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනවලට එකග වන අයුරින් සංශෝධන කළ යුතුය. පුද්ගලාන්තර නීති ගැටුම් පිළිබද ප්‍රශ්න විසදීම සදහා සුදුසු නීති මුලාශ්‍ර තෝරා ගැනීමේදී නිවැරදි ආකාරයට මාර්ගෝපදේශ ලබා ගනිමින් ව්‍යවස්ථාදායක හා අධිකරණය විසින් වර්ධනය කළ යුතු අතර නවීන නීති ක්‍රමය ක්‍රමානුකූලව ගොඩ නැගිය යුතුය.
මදක් මෙලෙස සිතමු, මෙම 18 අඩුවෙන් විවාහ වුයේ මුස්ලිම් ළමයෙකු නිසා බොහෝදෙනා ඒ පිළිබද කතා කළහ. මෙයම සිංහල හෝ දෙමල දරුවෙකු වූවානම් කිසිවෙකු කතා කරන්නේ නැත. අපේ රටේ සිය දිවි හානි කර ගැනීම් බහුල වශයෙන් සිදු වේ,නමුත් එක් විශ්ව විද්‍යාල තරුණියක් සිය දිවි හානි කර ගත් පසු බොහෝ දෙනා මෙය ලංකාවේ සිදු වූ පළමු සිය දිවි හානි කිරීමක් සේ ඒ පිලිබද කතිකාවතක් ගොඩ නැගුහ. කවි කතා ලියුහ. අප රටේ ලක්ෂ ගණන් දරුවන් පාසල් නොයන බව මෑතකදී වාර්තා විය. ඒ පිළිබද කිසිදු තැකීමක් නොකළ බොහෝදෙනා දේශපාලකයන්ගේ දරුවන් ඉගෙන ගන්නා ස්ථාන සොයමින් පර්යේෂණ ලිපි ලියුහ. අප රටේ ස්ත්‍රී දුෂණ දිනෙන් දින වැඩි වෙමින් පවතී. ඔවුන්ට නිතිය හමුවේ සාධාරණත්වයක් ද නිසි ලෙස නොලැබිම හේතුවෙන් අන්ත අසරණ බවට පත් වෙති. නමුත් අප රටේ මිනිසුන් කළේ කුමක්ද? දුෂණය කරනු ලැබූ වයස 6 පමණක් වූ දැරියව තම ලිපි මාර්කටින් කිරීම සදහා යොදා ගත්හ. එම කුඩා දැරියගේ මව මාධ්‍ය ඉදිරියේ හඩා වැලපෙමින් තම දරුවාගේ චායාරූප මුහුණ පොතෙහි දැමීම නවත්වන ලෙස ඉල්ලා සිටියද කිසිවෙක් ඒ පිලිබද තැකීමක් නොකළේ ඇයි?
අද බොහෝ දෙනාට අවශ්‍ය වී ඇත්තේ සමාජයේ ප්‍රශ්න වැඩි වැඩි වශයෙන් මතු විය යුතු බවයි. හේතුව එම සමාජ ප්‍රශ්නය තම සමාජ ජාල මාර්කටින් වලට යොදා ගැනීමට හැකි වීමයි. ප්‍රශ්න සමාජ ජාල තුළින් කතා කිරීම යහපත් දෙයකි. නමුත් එහි චේතනාව යහපත් විය යුතුයි. මුස්ලිම් කෙනෙකු හොරකම් කරන තුරු, ස්ත්‍රී දුෂණයක් කරන තුරු,මිනීමැරුමක් කරන තුරු කුමක් හෝ වරදක් කරන තුරු බලාගෙන සිටිමින් එය ඉස්ලාම් දහම සදහා මඩ ගැසීමට යොදා ගැනීමට මාන බැලීම සදාචාරත්මක නොවේ. කවරෙකු විසින් කවරෙකුටවත් වරදක් නොවිය යුතු යැයි සිතීම සදාචාරයයි.
ප්‍රශ්නයක් සිදුවූ පමණින් ඒ කළේ කුමන ජන වර්ගයේ එකෙක්ද, දුප්පතෙක් ද ,පොහොසතෙක්ද, මොන කුලයේ කෙනෙක්ද, පොෂ් කෙනෙක්ද, නොර්මල් කෙනෙක්ද, කුමන දේශපාලන පක්ෂයේ කෙනෙක්ද යැයි බලා එක පිට එක මඩ ගැසීම දැන් අප රට තුළ ට්‍රෙන්ඩ් එකක් වී හමාරය. රටට වටින අදහස් මතවාද සමග වාද විවාද කරනවා වෙනුවට එක එකාගේ පෞද්ගලික ජීවිතය පිළිබද වාද විවාද කිරීමට සමාජය පරිවර්තනය විය. එබැවින් බොහෝදෙනා නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඊලග මාර්කටින් මාතෘකාව පැමිණෙන්නේ කවදාද යන්නයි. ’මුස්ලිම්’ යන්න එවන්වූ මාර්කටින් වලට අසුවූ එක් මාතෘකාවකි.
- ෆාතිමා අස්මා හනීෆා -

Comments

Popular posts from this blog

කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය

දශක ගණනාවක සිට අප රටේ නොවිසඳී පැවති ජාතික ප්‍රශ්නයක් නැවත මීතොට මුල්ලේ සිදුවූ ඛේදවාචකයත් සමග සියළුම ජනතාවගේ අවධානය ලබාගැනීමට සමත්ව තිබේ. නිසි කසළ කළමනාකරණයෙන් තොරව විවෘත බිම්වල කුණු කඳු ගොඩගැසීම හේතුවෙන් කටුක අත්දැකීම්වලට මුහුණ පෑමට දැන් අපට සිදුව තිබේ. එනිසා මෙය ජාතික ව්‍යසනයක් සේ සලකා ඊට නිසි විසදුම් සෙවීමට අපට සිදුව ඇත. අනෙක් අතට අප මේ අත්විඳිමින් සිටින්නේ, විද ්වතුන් ගේ දැනුම කේන්ද්‍ර කර ගත් තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගනු වෙනුවට ඉතාමත් ප්‍රාථමික ක්‍රමවේදයන් උපයෝගී කරගෙන කසළ කළමනාකරණය කිරීමට යාමේ ප්‍රතිඵලයයි. එම නිසා අද දවසේ ජාතික වගකීම වනුයේ මේ සඳහා ජාතික වැඩ පිළිවෙලක් සහිත පුළුල් විද්‍යාත්මක ක්‍රමවේදයක් හා බැඳුණු නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගැනීමට කටයුතු කිරීමය. මූලික වශයෙන් මේ කරණු හතර සඳහාවත් අප අවධානය යොමු කළ යුතුවේ. • සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව විද්‍යාත්මක ක්‍රමවේද සොයා යෑම. • කාබනික ඝන අපද්‍රව්‍යවලින් ප්‍රවාහන ඉන්ධන සහ විදුලිය නිපදවීම. • නවීන තාක්ෂණය බැඳුණු කාර්යක‍ෂමතාවයෙන් ඉහළ දේශීය තාක්ෂණය. • කසල කළමණාකරණයට රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු තාක්ෂණය. • නිවෙස්වලින් බැහැර ක...

Is it permissible to work as a Lawyer in Islam?

Most of the Muslims think Islam doesn’t give any permission to work as a lawyer and some of us completely dislike about the law profession. Because they think it involves in referring to something other than the laws of Allaah for the judgement. I think this is completely a misconception. As Muslims, we shouldn't be narrow minded to that far.   Wor king as a lawyer is not harm in and of itself, because it is not judged according to something other than that which Allaah has revealed, rather it is acting as a people’s deputy or representative in cases of dispute, which is a permissible kind of deputation or representation. But the lawyer must be careful and make sure of the case before getting involved in it.  If it is a claim regarding some right that has been taken away in a wrong manner, then it is permissible for you to argue on his behalf to have his rights restored to him and the wrongdoing stopped. This comes under the heading of cooperating in righteousness and ...

"We'd Rather Spend more on our Daughter's marriage than her Education"

It's sad to think that there are still some societies that exist where parents are concerned and often feel burdened by the pressure of getting their daughters married. Their worry often begins before their daughters have even reached a marriageable age. Marriage gives priority, in some cases not all, over everything else and daughters are often made to feel that the sole purpose of their lives   is marriage and this should be their number one priority.   Parents start worrying about saving for their daughter's big day so they can get her married off in a culturally fitting manner. In a sense, they rightly do so; it's a good thing for parents to think about these things for their children and it's always wise to plan ahead. However, again in some cases not all, we need to ask the question; why is a girl's education not given equal importance? Why do we feel that educating our daughters is a waste of time and money, but paying thousands in credit towards her we...