Skip to main content

ශුද්ධවූ අල්කුර්ආනය කළ හාස්කම


කේට් ස්ටීවන්ස්” පොප් සංගීත ලෝකයෙහි නම් දැරු සුප‍්‍රසිද්ධ ඉංග‍්‍රීසි ගායකයකි. ඔහුගේ ජීවිතයෙහි ඔහුට අවශ්‍ය කරන ප‍්‍රසිද්ධිය හා මිළ මුදල්, සම්පත් හිමිවිය. නමුත් ඔහු තුළ පැන නැගුනු ප‍්‍රශ්න වැළකටයි නියම පිළිතුරු නොලැබුනේ. විවිධ ප‍්‍රබන්ධනයන් ඔහු කියවන්නට විය, ඔහු යමක් සොයන්නට විය, නමුත් ඔහු සොයන දේ එයින් නොලැබිනි.


දවසක් ඔහුගේ එක් කුස උපන් සහෝදරයා ඔහු තුළ පැන නැගුනු පැනයන්ට නියම පිළිතුරු ලැබෙන ජීවමාන හාස්කමක් ලබාදුන්නේය. ඔහු එය කියවන්න පටන් ගත්තේය, එහි අන්තර්ගත කරුණු අධ්‍යයනය කළේය. අවසානයේදී ඔහු ”යූසුෆ් ඉස්ලාම්” යනුවෙන් අළුත් පරිච්ඡේදයක් පෙරලන්නට විය.

ඔහුගේ මෙම වෙනස පිළිබඳ ඔහුගේ මුවින්ම පවසන්නේ මේ ආකාරයටය.

කිතු පවුලක උපත ලැබූ මා, ආඩම්බරයන්ගෙන් කිසිදු අඩුවක් නැති නවීන ලෝකයක මා වැඩුනෙමි. විනෝදය, ව්‍යාපාරය කරගත් උසස් තලයක සිට සුඛෝපබෝගි ජීවිතයක් ගතකරමින් ජීවත්වුනෙමි,

උපත ලබන සෑම දරුවෙකුම ස්වභාවික දහම තුළයි උපත ලබන්නේ ඔවුන්ගේ දෙමාපියනුයි තම තමන්ගේ දහම්වලට ඔවුන්ව හරවා ගන්නේ යනු අපි දැන සිටින කරුණකි. ඒ අනූව මාද කිතු වරයෙකු වශයෙන් හැඩ ගස්සනු ලැබූ අතර ඒ පසුබිම තුළ සිටයි මා කල්පනා කළේ. දෙවියන් සිටින බව මට උගන්වන ලදි, නමුත් එම දෙවියන් සමග සෘජුව සම්බන්ධතාවන් ගොඩනැගීමට නොහැක. යේසූස් වහන්සේගේ මාර්ගයෙනුයි දෙවියන් සමග සම්බන්ධතාවන් ගොඩ නැගිය හැක්කේ, දෙවියන් හමුවන දොරටුව යේසූස් වහන්සේ යනුවෙන් මට කියන ලදි. මෙම ප‍්‍රතිපත්තිය පිළිගෙන මා ජීවත් වූයෙමි.

නමුත් එයට මුළුමනින් එකඟවීමට මට නොහැකි විය. යේසූස් වහන්සේගේ ප‍්‍රතිමාවන් කෙරෙහි මා අවදානය යොමු කළෙමි, ඒ සියල්ල මට පෙනුනේ අජීවි ගල් වශයෙනුයි. දෙවිවරු තිදෙනෙකු යනුවෙන් පැවසූ විට මා තුළ තවත් ප‍්‍රශ්න රාශියක් මතුවෙන්නට විය. නමුත් මට සංවාදයන් පැවැත්වීමට නොහැක. මා මේ සියල්ල විශ්වාස කළෙමි, මන්ද මාගේ දෙමාපියන්ගේ විශ්වාසයට ගරුකිරීම මාගේ යුතුකමක් නිසා.

නමුත් කෙමින් කෙමින් මෙම ආගමික විශ්වාසයන්ගෙන් මා ඈත්වෙමින් සිටියෙමි. සංගීතයට නැඹුරුවුනෙමි ප‍්‍රසිද්ධ තරුවක් වශයෙන් බැබලිය යුතුයි යනු මාගේ ඒකායන පරමාර්ථය විය. මා දුටු සිනමාව හා විද්‍යයුත් මාධ්‍යයන් මා ඒ කරා තල්ලූ කළ අතර එය මාගේ සිත ආක‍්‍රමණය කළේය. මුදල් ඉපැයීමයි දෙවියන් යනුවෙන් සිතන්න පටන් ගත්තෙමි.

ලස්සන සුඛෝපබෝගි කාරයකට හිමිකම් කියන මාගේ ඥාතියෙකු සිටී, ඔහු තම ඉලක්කය සපුරාගත් බව මා සිතුවෙමි. ඔහු මිළ මුදල් සම්පත් වලට හිමිකම් කියන කෙනෙකි යනු මාගේ සිත කියයි. මා වටා සිටියවුනුත් මෙයයි ජීවිතය, මුදලයි දෙවියන් යන හැඟීම මාගේ සිත තුළ වැපිරුවේය.

වැඩි වශයෙන් මුදල් උපයා සුඛෝපබෝගි ජීවිතයක් ගත කළ යුතුයි යන තීරණයකට එළඹුනෙමි. පොප් ගායකයින්වයි මා උසස් කොට සැළකුවේ. මා ගීත නිර්මාණය කිරීමට පටන් ගත්තෙමි.

නමුත් මාගේ සිත තුළ සෙසු අය පිළිබඳ ද ආදර හැඟීමක් පැවතුනි. මා පොහොසතෙකු වූවා නම් දුප්පත් අසරණයින්ට උදව් උපකාර කළ යුතුයි යන හැඟීම මා තුළ විය. මා ප‍්‍රසිද්ධියට පත්වුනෙමි, මාගේ 20 වැනි විය මා පසු කිරීමටත් පෙර සියළු මුද්‍රිත හා විද්‍යයුත් මාධ්‍යන් මා පිළිබඳ කියන්න, ලියන්න පටන්ගත්හ. මාගේ රූපයන් පළවිය. මට ආඩම්බරය, ගෞරවය, ප‍්‍රසිද්ධිය හිමිවුනි. මා ද සුඛෝපබෝගි ජීවිතයකට හිමිකම් කියන පුද්ගලයකු බවට පත්වුනෙමි.

මත් පැන් හා මත් ද්‍රව්‍යයි ජීවිතය යන තීරණයට එළඹ, පුරා වසරක් මහත් මුදලක් උපයා ආඩම්බර ජීවිතයක් ගත කිරීමෙන් පසු දැඩිලෙස රෝගාතුර වුනෙමි. කාස රෝගය වැළඳ බොහෝ සේ පීඩා වින්දෙමි. රෝහලෙහි නේවාසික ප‍්‍රතිකාර ගැනීමට තරම් තත්ත්වය උග‍්‍ර විය. මෙම පසුබිම තුළ සිටයි මා කල්පනා කරන්න පටන් ගත්තේ.

මට සිදුවූයේ කුමක්ද? මා හුදු ශරීරයක් පමණද? මාගේ ජීවිතයෙහි අභිලාෂය කායික අවශ්‍යතාවන් ඉටු කිරීම පමණද? යනු සිතන්න පටන් ගත්තෙමි.

මාගේ රෝගි තත්ත්වය යනු දෙවියන් මට දුන් භාග්‍යයකි. යළිත් මාගේ දෙනෙත් විවෘත කර බැලීමට අවස්ථාවක් යනු සිතුවෙමි.

මා මෙහි සිටින්නේ ඇයි? මා ඇඳක සිටින්නේ ඇයි? මෙවැනි විවිධ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන්න පටන් ගත්තෙමි. කල්පනා කරන්න පටන් ගත්තෙමි. එළවළු වර්ග පමණක් අනුභව කරන බව තීරණය කරගත්තෙමි. දැන් සාමය හා ශාන්තිය කෙරෙහි ඇල්මක් ඇති කෙනෙකු බවට පරිවර්තනය වූයෙමි.

ජෙන් සිං ගණිත ශාස්ත‍්‍රය ජ්‍යොතිශ්‍යය යන විවිධ අංශ පිළිබඳ සොයා බැලූවෙමි. යළිත් වරක් බයිබලය විවෘත කළෙමි නමුත් මා අපේක්‍ෂා කළ දේ මට නොලැබුනි. ඒ වන විටත් ඉස්ලාම් පිළිබඳ මා කිසිවක් නොදැන සිටියෙමි.

එවිටයි හාස්කමක් සිදුව ඇත්තේ, මාගේ සහෝදරයා ජෙරූසලමෙහි පිහිටා ඇති මස්ජිදයකට ගොස් ඇත. එම මස්ජිදයෙහි ඔහු දුටු දර්ශණයන් ඔහු මවිතයට පත් කළේය. කිතු හා යුද පල්ලි පාලූවට ගියා මෙන් මස්ජිදයන් පාලූවට නොගොස්ය. ඒවා ක‍්‍රියාකාරිව පැවතුනු අතර එහි පැවතුනු ශාන්තිය හා මනස්කාන්ත පරිසරය මාගේ සහෝරදයාගේ සිත් ගන්නා සුළු දර්ශණයන් විය. මස්ජිදයට ගිය එම අත්දැකීමත් සමග ලන්ඩන් හැරුනු විට අල්කුර්ආනයෙහි පරිවර්තනය ද රැුගෙන ආවේය, එම මස්ජිදයෙහි අත් දුටු අත්දැකීම් පිළිබඳ පවසා මට අල්කුර්ආනය ද ඔහු පිරිනැමුවේය.

මාගේ සහෝදරයා මුස්ලිමෙකු නොවූවත් එහි සැබෑ වෙනසක් ඔහු අත් විඳ ඇත. මාද ඒ තුළින් යම් දෙයක් අත් විඳිය හැක යනුවෙන් සිතා ඇත.

මා අල්කුර්ආනය කියවීමට පටන් ගැනීමත් සමග මට සියළු දේ පහදා දෙන මාර්ගෝපදේශයක් වශයෙන් එය දැක්කෙමි. මා කව්ද? මාගේ ජීවිතයෙහි යථාර්ථය කුමක්ද? සත්‍ය කුමක්ද? මා පැමිණියේ කොහේ සිටද? යන මා තුළ තැවුනු ප‍්‍රශ්න රාශියකට පිළිතුරු එහි දැක්කෙමි. මෙයයි සත්‍යවු එකම දහම යනුවෙන් අවබෝධ කරගත්තෙමි. ආගම යනුවෙන් මා කියන්නේ බටහිර ලෝකය අවබෝධ කරගෙන සිටින අර්ථයෙන් නොවේ. පැරණි යුගයට ගැලපෙන ආගම යන අදහසින් ද නොවේ.

ආගම වෙනස් කර වෙනත් ආගමක් ඔස්සේ ගමන් කරන්නන් අන්තවාදීන් යන විශ්වාසය බටහිර ලෝකය තුළ මුල් බැස ඇත. මා අන්තවාදියෙකු නොවේ, කය හා ආත්මය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ මා තුළ අර්බුදයක් පැවතුනි. මේ දෙක වෙනස් නොවේ යනුවෙන් හා ආත්මාව වර්ධනය කර ගැනීම සඳහා කඳු වලට යෑම අවශ්‍ය නැති බවත් මා අවබෝධ කරගත්තෙමි.

අපි අල්ලාහ්ගේ නියෝගයන්ට අවනත වී ජීවත් විය යුතුයි. එසේ ජීවත් වන විට දේව දූතවරුන්ට වඩා උසස් භාවයක් අපට ලබාගත හැක යනු මා දැනගත්තෙමි. දැන් මා කළ යුතු ප‍්‍රථම වැඩ කොටස නම් මුස්ලිමෙකු වීමයි.

සියල්ල ඔහුගේ ශක්තියට බලයට යටත් බවත් ඔහුට සුළු නින්දක් හෝ නැත යනු මා දැනගත්තෙමි. මෙම අවස්ථාවෙහි මා පිළිබඳ ලොකුවට හිතීම මා අත්හැරියෙමි. මාගේ හැකියාවන්ගෙන් පමණයි මෙම ස්ථානයට පැමිණුනේ යනු සිතමින් සිටියෙමි. නමුත් දැන් මට වැටහුනි, එයට මා විතරක් හේතු නොවන බව. මෙම විශ්වයේ ජීවත්වීමේ මුළු අරමුණ ඉස්ලාම් යන ජීවන සැලැස්මට අවනත වී ජීවත් වීම යනු මට හරි හැටි අවබෝධ විය.
මා කුමන දේ කෙරෙහි විශ්වාසය තැබිය යුතුද? යනු මා වටහාගන්නට පටන් ගත්තෙමි මා මුස්ලිමෙකු යනු හඳුනා ගත් අතර ශුද්ධවූ අල්කුර්ආනය හදාරන විට සෑම ශාස්තාවරයකුම රැුගෙන ආ පණිවුඩය එකම පණිවුඩය යනු දැනගත්තෙමි.

නමුත් යුදෙව්වරු හා කිතුවරුන් ඇයි වෙන්ව සිටින්නේ? යුදෙව්වරුන් යේසූස් වහන්සේ නොපිළිගත් අතර එතුමන්ගේ වචනයන් ඔවුන් විකෘති කිරීමද මට දැන් අවබෝධ විය.

කිතුවරුන් දෙවියන්ගේ වාක්‍යන් වැරදිව අවබෝධ කර යේසූස් වහන්සේ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් සළකා පුදන්නට පටන් ගත්හ. ශුද්ධවූ අල්කුර්ආනයෙහි පාඨයන් බුද්ධියට පිළිතුරු සැපයූ අතර, මෙය ශුද්ධවූ අල්කුර්ආනයටම ආවේනිකවූ ලක්‍ෂණයයි. අල්කුර්ආනය හේතු කාරණා පසුබිම් කොට අපව අධ්‍යයනය කිරීම සඳහා ඇරයුම් කරයි.

ඉර හා හඳ මේ දෙකට ඔබලා යාඥා නොකරන්න, මේ සියල්ල මැවූ අල්ලාහ්ට ඔබලා යාඥා කරන්න යනුවෙන් එය පවසයි. ඉර හඳ ඒ වගේම ඔහුගේ වෙනත් නිර්මාණයන් පිළිබඳ අධ්‍යයනය කරන ලෙස මානව සංහතියට ඇරයුම් කරයි.

චන්ද්‍රයාගෙන් සූර්්‍යා කෙසේ වෙන්වී පවතින්නේද යනු ඔබ දුටුවේද? මෙය පෘතුවියෙන් වෙන්වී පිහිටා ඇත නමුත් ඒ සියල්ල එක හා සමාන දුරකින් පවතින බවයි පෙනෙන්නේ.

ග‍්‍රහ ලෝකයන්ට පියාසර කරන ගගණ ගාමීන් පෘතුවියෙහි කුඩා ප‍්‍රමාණය හා ග‍්‍රහ ලෝකයන් හි සුවිශාල බව දැක මවිතයට පත්වෙති. එය දකින ඔවුන් තුළ දේව විශ්වාසයක් ඇතිවෙන්න පටන්ගනි. මන්ද ඔවුන් අල්ලාහ්ගේ පැහැදිළි සාක්‍ෂීන් දැක ගැනීමේ අවස්ථාව ඔවුන්ට උදාවෙයි.

ශුද්ධවූ අල්කුර්ආනය මා තව දුරටත් කියවන විට එය යාඥාවන් පිළිබඳ හා දයාව කරුණාව දැක්වීම පිළිබඳවත් දාන මාන කිරීම පිළිබඳවත් ඉදිරිපත් කළ ඇති අදහස් මා දුටුවෙමි. එම අවස්ථාවෙහි මා මුස්ලිමෙකු වශයෙන් ප‍්‍රසිද්ධ නොකරගත්තෙමි. නමුත් මාගේ සිත් තුළ පැන නැගෙන සෑම ප‍්‍රශ්නයකටම පිළිතුර අල්කුර්ආනයයි යනු මා අවබෝධ කරගත්තෙමි.

අල්කුර්ආනය විවිධ මට්ටමෙන් තම අදහස් ඉදිරිපත් කරයි. තවත් කෝනයකින් අල්කුර්ආනය හඳුනා ගැනීමට මට හැකිවිය. එනම් ”විශ්වාසවන්තයින් ඒක දේවත්වය ප‍්‍රතික්‍ෂේප කරන්නන්ව තමන්ගේ කල්‍යාන මිත‍්‍රයින් වශයෙන් නොගනි විශ්වාසවන්තයින් තමන් අතර සහෝදරයින් වේ” යන පාඨය කියවුවෙමි මේ අවස්ථාවේදි මා මුස්ලිම් සහෝදරවරුන් හමුවීමට ප‍්‍රිය කළෙමි.

මාගේ සහෝදරයා කළා සේම ජේරුසලම බලා යෑමට තීරණය කළෙමි. ජෙරුසලමෙහි පිහිටා ඇති එක් මස්ජිදයකට ගොස් වාඩිවුනෙමි. කෙනෙකු පැමිණ ඔබට අවශ්‍ය කුමක්ද? යනුවෙන් මාගේන් ප‍්‍රශ්න කළේය එයට මා මුස්ලිමෙකු යනුවෙන් පිළිතුරු දුන්නෙමි ඔබේ නම කුමක්ද? යනුවෙන් ඔහු මාගෙන් ප‍්‍රශ්න කළේය මා ”ස්ටීවන්ස්” යනුවෙන් පිළිතුරු දුන්නෙමි. ඔහුට එය ප්‍රෙහේළිකාවක් විය. මා පසුව සලාතයට එක්වී එය ඉටු කළෙමි නමුත් එය නිවැරදි ලෙස මා ඉටු කළාද යනු කිව නොහැකිය.

පසුව මා ලන්ඩන් බලා පැමිණ නෆීසා යන සහෝදරිය හමු වී මා ඉස්ලාම් දහම පිළිගැනීමට කැමති බව දැන්වූවෙමි. ඇය මාව නියූ රීජන්ට් මස්ජිදයට කැඳවාගෙන ගියේය. එය 1977 වර්ෂයයි ශුද්ධවූ අල්කුර්ආනය මා කියවීමට පටන්ගෙන අවුරුදු එකහමාරක් ගතවෙමින් තිබූ අවස්ථාවයි. මා තුළ ඇති උඩඟු කම මා තුරන් කළ යුතුයි ඉබ්ලීස් ෙෂෙතාන්ව මා තුළින් පන්නා දැමිය යුතුයි මා කඃබාවට මුහුණලා සිටිය යුතුයි යනු මා අධිටන් කර ගත්තෙමි. සිකුරාදා දින මස්ජිදයෙහි ප‍්‍රමුඛත්වය උසුලන ඉමාම් වෙත ගොස් කලිමා ප‍්‍රතිඥා ගත්තෙමි.

මුදල් හා ප‍්‍රසිද්ධිය ලැබුනු කෙනෙකු වශයෙන් මා සිටියෙමි. නමුත් නිවැරදි මගයි මට මහත් උත්සහයකින් පසුත් නොලැබෙමින් තිබුනේ. ශුද්ධවූ අල්කුර්ආනය මට ලැබෙන තෙක් මෙයයි තත්ත්වය කිතු දහම හෝ වෙනත් සංකල්පයන් මෙන් නොව මාගේ හිමියන් සමග සෘජුව සම්බන්ධතාවක් ඇති කරගැනීම හැකි බව මට දැන් වැටහුනි.

හින්දු කාන්තාවක් මට, ඔබ හින්දුවරුන් හරි හැටි අවබෝධ කරගත්තේ නැත අපිත් එකම දෙවි කෙනෙකු කෙරෙහියි විශ්වාසය තබා ඇත්තේ. නමුත් අවධානය නොබිඳීම සඳහායි මෙම රූපයන් ප‍්‍රතිමාවන් අපි භාවිතාකරන්නේ යනුවෙන් එක් අවස්ථාවකදී පැවසුවාය. දෙවියන් කරා සමීපවීමට ඔහුට ආදේශයන් ඇති කළ යුතුයි යන අදහසයි ඇය කියන්නට උත්සහ කළේ. නමුත් ඉස්ලාම් දෙවියන්ට සමීපවීමට ඇති සියළු බාධක කඩා බිඳ දමයි දේව ප‍්‍රතික්‍ෂේපත්වයෙන් වෙන්කර විශ්වාසය ඔපනංවන කි‍්‍රයා මාර්ගයක් නම් එයයි සලාතය මෙය සිතෙහි පරිශුද්ධත්වය ඇති කිරීමට නියම පුහුණුවකි.

අවසන් වශයෙන් මා අල්ලාහ්ගේ තෘප්තිය ලබාගැනීම සඳහායි සියල්ල කරන්නේ යනු කීමට කැමැත්තෙමි. මාගේ අත්දැකීම් තුළින් ඔබටත් යම් ප‍්‍රයෝජනයක් ලැබීමට මා අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කරමි. මා ඉස්ලාම් දහම පිළිගැනීමට පෙර කිසිදු මුස්ලිමෙකු සමග සම්බන්ධතාවයක් මට නැත. මා ප‍්‍රථමයෙන් කියවන්නට පටන් ගත්තේ ශුද්ධවූ අල්කුර්ආනයයි. කිසිදු මිනිසෙකු අංග සම්පූර්ණ නැති බව මා වටහා ගත්තෙමි ඉස්ලාම් පමණයි පරිපූර්ණව පවතින්නේ.

අපි අල්ලාහ්ගේ අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි (සල්) තුමන්ගේ ආදර්ශයන් නිසි ලෙස පිළිපදින විට ජය ලැබිය හැක එම උත්තමයානන්ගේ මග ඔස්සේ ගමන් කිරීමට අප සියල්ලන්ට අල්ලාහ් ආශිර්වාද කරත්වා!

Comments

Popular posts from this blog

කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය

දශක ගණනාවක සිට අප රටේ නොවිසඳී පැවති ජාතික ප්‍රශ්නයක් නැවත මීතොට මුල්ලේ සිදුවූ ඛේදවාචකයත් සමග සියළුම ජනතාවගේ අවධානය ලබාගැනීමට සමත්ව තිබේ. නිසි කසළ කළමනාකරණයෙන් තොරව විවෘත බිම්වල කුණු කඳු ගොඩගැසීම හේතුවෙන් කටුක අත්දැකීම්වලට මුහුණ පෑමට දැන් අපට සිදුව තිබේ. එනිසා මෙය ජාතික ව්‍යසනයක් සේ සලකා ඊට නිසි විසදුම් සෙවීමට අපට සිදුව ඇත. අනෙක් අතට අප මේ අත්විඳිමින් සිටින්නේ, විද ්වතුන් ගේ දැනුම කේන්ද්‍ර කර ගත් තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගනු වෙනුවට ඉතාමත් ප්‍රාථමික ක්‍රමවේදයන් උපයෝගී කරගෙන කසළ කළමනාකරණය කිරීමට යාමේ ප්‍රතිඵලයයි. එම නිසා අද දවසේ ජාතික වගකීම වනුයේ මේ සඳහා ජාතික වැඩ පිළිවෙලක් සහිත පුළුල් විද්‍යාත්මක ක්‍රමවේදයක් හා බැඳුණු නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගැනීමට කටයුතු කිරීමය. මූලික වශයෙන් මේ කරණු හතර සඳහාවත් අප අවධානය යොමු කළ යුතුවේ. • සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව විද්‍යාත්මක ක්‍රමවේද සොයා යෑම. • කාබනික ඝන අපද්‍රව්‍යවලින් ප්‍රවාහන ඉන්ධන සහ විදුලිය නිපදවීම. • නවීන තාක්ෂණය බැඳුණු කාර්යක‍ෂමතාවයෙන් ඉහළ දේශීය තාක්ෂණය. • කසල කළමණාකරණයට රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු තාක්ෂණය. • නිවෙස්වලින් බැහැර ක...

Is it permissible to work as a Lawyer in Islam?

Most of the Muslims think Islam doesn’t give any permission to work as a lawyer and some of us completely dislike about the law profession. Because they think it involves in referring to something other than the laws of Allaah for the judgement. I think this is completely a misconception. As Muslims, we shouldn't be narrow minded to that far.   Wor king as a lawyer is not harm in and of itself, because it is not judged according to something other than that which Allaah has revealed, rather it is acting as a people’s deputy or representative in cases of dispute, which is a permissible kind of deputation or representation. But the lawyer must be careful and make sure of the case before getting involved in it.  If it is a claim regarding some right that has been taken away in a wrong manner, then it is permissible for you to argue on his behalf to have his rights restored to him and the wrongdoing stopped. This comes under the heading of cooperating in righteousness and ...

"We'd Rather Spend more on our Daughter's marriage than her Education"

It's sad to think that there are still some societies that exist where parents are concerned and often feel burdened by the pressure of getting their daughters married. Their worry often begins before their daughters have even reached a marriageable age. Marriage gives priority, in some cases not all, over everything else and daughters are often made to feel that the sole purpose of their lives   is marriage and this should be their number one priority.   Parents start worrying about saving for their daughter's big day so they can get her married off in a culturally fitting manner. In a sense, they rightly do so; it's a good thing for parents to think about these things for their children and it's always wise to plan ahead. However, again in some cases not all, we need to ask the question; why is a girl's education not given equal importance? Why do we feel that educating our daughters is a waste of time and money, but paying thousands in credit towards her we...