අප රට තුලට කලින් කලට උණුසුම් මාතෘකාවන් පැමිණීමත් ඒවා දැඩි විවාදයට හා කතා බහට ලක් වීමත්, පසුව එහි කිසිදු සලකුණක් ඉතිරි නොකරමින් සියලු දෙනාගේම මතකයෙන් ඈත් වීමත් සාමාන්‍යයෙන් සිදුවන්නාවූ දෙයකි.දැන් මතුවී ඇති මුස්ලිම් විවාහ නිතිය පිළිබද ප්‍රශ්නයද එසේමය.වයස 18 අඩු මුස්ලිම් තරුණියක් විවාහ වී දැඩි පිඩනයට ලක් විමේ සිද්ධියක් BBC යහි වාර්තා වීම තුළින් යළි මෙම ප්රශ්නය මතුවිය. 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ලංකාවේ මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වෙන අතර එය ඉස්ලාම් දහමේ ප්‍රතිපතීන් ආභාශය ගනිමින් සකස් කරන ලද්දක් වුවත් එය සම්පුර්ණයෙන්ම අනුගමනය කරමින් සකස් කරන ලද්දක් නොවන බව තේරුම් ගත යුතුයි. එබැවින් ඒ තුල බොහෝ දුර්වලතා දක්නට ලැබේ. ඒ හේතුවෙන් බහුතර මුස්ලිම්වරු ශ්‍රී ලාංකීය ඉස්ලාමීය විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කලයුතුයි යන අදහස දරති. ඒ සදහා ඉස්ලාමීය විද්වතුන් හා සිවිල් සංවිධාන විසින් සමීක්ශන හා දත්ත රැස්කිරීම්වලින් සිදු කළ අතර අනතුරුව සංශෝධනයක ඇති අවශ්‍යතාව හා විශේෂයෙන් විවාහ වීමට අවම වයස් සීමාවක් පැනවීම ගැන අවධානය යොමු කර තිබේ. මුස්ලිම් නිතිය යටතේ වයස 18 අඩු අයට විවාහ විය හැකි අතර ...
The greatest part of a writer's time is spent in reading, in order to write: a man will turn over half a library to make one book.“Somewhere, something incredible is waiting to be known.”