ශ්‍රී ලංකා ජනගහනයෙන් 7 % ක් පමණවූ සුළු ප්‍රතිශතයක් ලෙස ජිවත්වන මුස්ලිම්වරු
ලංකාවේ සුළු ජනවර්ගයක් වුවත් ලංකික බහුතරයකගේ වැඩි අවධානයටත් කතාබහටත් ලක්වන
ජනවර්ගයකි.මුස්ලිම්වරු කරන කියන හැමදෙයකම වැරදි
සොයන මිනිස්සු සිටිනවා සේම ඔවුන් සමග කල්‍යාණ මිත්‍රත්වයක් පවත්වාගෙන යන බහුතරයක්ද
අප රට තුල වෙති.කෙසේවුවද ලාංකික මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් මතවාද දෙවර්ගයක් අප
සමාජය තුල දක්නට ලැබේ.එක් වර්ගයක් වන්නේ මුස්ලිම් නොවන අන්තවාදී අදහස් දරන පිරිසය.ඔවුන්
ලංකාව තුල මුස්ලිම්වරුන් සිටීම හිසරදයක් බවත් මුස්ලිම්වරුන්හට මෙම රට අයිති නොවන
බවත් ඔවුන් අරාබියට යායුතු බවත් පවසති.තවත් වර්ගයක් වන්නේ ලංකාව තුල
මුස්ලිම්වරුන්ට නිදහසේ සිටීමට නොහැකි බවත් මුස්ලිම්වරුන්ගේ අය්තීන් උල්ලංගනය වීම
නිසා එය දිනා ගැනීමට කටයුතු කලයුතු බව සිතන මුස්ලිම්වරුන්ය.මේ අදහස් සම්පුර්ණයෙන්ම
වැරදි හා පිළිගත නොහැක්කකි
ලංකාව තුළ මුස්ලිම්වරුන්
සුළු ජනවර්ගයක් වුවත් ඔවුන්ට සම්පුර්ණ නිදහස් හා සාමකාමී ලෙස ජිවත් වීමේ
වාතාවරණයක් ලැබී ඇති අතර ඉහත වර්ග දෙක පවසා ආකාරයට කිසිවක් සත්‍ය වශයෙන්ම අප රට
තුල නොමැත.මෑතකදී විවිධ අන්තවාදී සංවිධාන සිංහල හා මුස්ලිම්වරු අතර පවතින මිත්‍රත්වය
කඩා දැමීමට කටයුතු කරමින් මුස්ලිම්වරුන්ගේ සාමාන්‍ය ජනජීවිතය කඩාකප්පල් කිරීමට උත්සාහ
කලද මේවනවිට එය බොහෝදුරට යථා තත්වයට පත්වී හමාරය. එබැවින් යලි යලිත් සිදු වූ සිද්ධීන්
මතකයට නගමින් බිය වීමේ අවශ්‍යතාවය නොමැත.ලොවේ ඇති කිසිදු මුස්ලිම් නොවන රටක
මුස්ලිම්වරුන්ට හිමි වී තිබෙන නිදහස හා අයිතිවාසිකම් අප රට තුල මුස්ලිම්වරුන්ට
ලැබී ඇත.එයට පැහැදිලි හේතුව ලෙස දැක්විය හැක්කේ අල්ලාහ් දෙවියන් වහ්සේගේ
ආශිර්වාදයත් හා අප රට බෞද්ධ රටක් වීමත්ය. එබැවින් ලක් මවට ඉපදුනු මුස්ලිම්වරු වන
අප සැබවින්ම වාසනාවන්තයන් වෙමු.
ලෝකයේ මුස්ලිම්
බහුජනවර්ගයක් ලෙස වාසය නොකරන රටවල්වලින් තම රටෙහි සුළු ජනවර්ගයක් ලෙස වෙසන මුස්ලිම්වරුන්
තම පුරවැසියන් ලෙස සලකා ජාතික ධජයෙහි කොල වර්ණ තීරුව තුලින් එහි නියෝජනය සංකේතාත්මකව
පෙන්නුම් කරන ලද එකම රට ශ්‍රී ලංකාවයි.
ලංකා පුරවැසියන් ලෙස සංකේතාත්මකව
නියෝජනය ලබා දුන්නා පමණක් නොව අප රට තුල මුස්ලිම්වරුන්ට නිදහසේ තම ආගමික කටයුතු
කරගෙන යාමට හා තම අයිතිවාසිකම් භුක්ති විදීමටත් කිසිදු බාධාවක් නොමැත.තම ආගමික ක්‍රියාවන්
අනුගමනය කිරීමට,ආගමික ප්‍රචාර කටයුතු කිරීමට, ආගමික උත්සව හා ආගම සම්බන්ද සමිති සම්මේලන සියල්ල සදහා
මුස්ලිම්වරුන්ට නිදහස ලැබී ඇති අතර ලංකාව් වාසය කරන සියලු මුස්ලිම්වරු එය භුක්ති
විදිමින් සිටිති.මුස්ලිම්වරුන් අතර විවිධ නම්වලින් විවිධාකාර කණ්ඩායම් බිහි වී
තිබුනද ඒ සියල්ලන්නටම සමානව මෙම නිදහස් වාතාවරණය ලැබී ඇති බව අපට පෙනී යන කරුණකි.
තවද මුස්ලිම්වරු සදහා රජය
විසින් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් දෙපාර්තුමේන්තුවක් වෙනම මුස්ලිම්වරුන්ගේ
අවශ්‍යතා සදහා වෙන්කොට ඇති අතර ඒ තුලින් මුස්ලිම්වරුන්ගේ කටයුතු සාර්ථකව
කරගෙනයමටත්,එහි වටිනාකම ආරක්ෂා කිරීමටත්,මුස්ලීම් ආගමික ස්ථාන,ඉස්ලාමිය අධ්‍යාපනික
ආයතන,මුස්ලිම් හා අරාබි පාසල්,හජි කටයුතු,රාමසාන් උපවාස සම්බන්ද කටයුතු,මුස්ලිම්වරු දැනුවත් කිරීමේ වැඩසටහන්
යනාදී වශයෙන් බොහෝ කාර්යභාරයක් රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවෙමින් පවතී.
ලාංකීය නීතිය තුල
මුස්ලිම්වරුන් සදහා විශේෂයෙන් මුස්ලිම් නීතිය හදුන්වා දී ඇති අතර ඒ සදහා ෂරියා නීතියහි ආභාෂයද ලබාගෙන ඇත. මුස්ලිම් නීතිය
තුල යම් යම් නව සංස්කරණයන්හි අවශ්‍යතාවය තිබුනද මුස්ලිම්වරුන් හට එලෙස වෙනම නීති
පදතියක් තිබීම ලාංකීය මුස්ලිම්වරුන් වන අප ලද වරප්‍රසාදයක් ලෙස සැලකිය හැකිය.
හජ් වන්දනා කටයුතු
සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිල වශයෙන් සම්බන්ධ වී ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමෙන්
පමණක් නොනැවතී සෞදි අරාබිය හා සම්බන්ද වෙමින්
හජ් වන්දනාකරුවන් සංඛ්‍යාව කෝටා ප්‍රමාණය අනුව ඉහල නැංවීමටද කටයුතු කරයි.
තවද විවිධ ඉස්ලාමිය
වැඩසටහන් ජාතික ගුවන් විදුලි සේවයෙහි හා
ජාතික රුපවාහිනී සේවයහි විකාශනය කිරීමට ශ්‍රීලංකා රජය අනුග්‍රය දක්වමින් සිටියි.
එපමණක් නොව සිකුරදා
දිනවල පල්ලි යාම මුස්ලිම් පිරිමින් හට අනිවාර්ය වුවක් බැවින් ඒ සදහා රාජ්‍ය ආයතනවල
සේවකයන්ට ඒ සදහා යාමට අවසර ලබා දී ඇති අතර එම අවස්ථාව පෞද්ගලික අංශයෙන් රැකියාව
කරන මුස්ලිම් පුරුෂ පාර්ශ්වයට ද ලබා දෙන ලෙස ශ්‍රීලංකා රජය විසින් නිල වශයෙන් ඉල්ලීමක්
කොට ඇති අතර ඒ සදහා වැටුප් අඩුකිරීම් කිසිවක් සිදු නොවේ.තවද මුස්ලිම් පාසැල්
දරුවන්ටද සිකුරාදා පල්ලි යාමේ අවස්ථාව සලසා ඇති අතර රජය විසින් පවත්වන විභාගය එම කල
වෙලාවට අවහිරයක් නොවන ආකාරයට පැවැත්වීමට ශ්‍රීලංකා අධ්‍යාපන දෙපාර්තුමේතුව වගබලා
ගනී.
රාමසාන් උපවාසය කාලය තුල
‘ අදාන්’ ජාතික ගුවන් විදුලි සේවය හා ජාතික රුපවාහිනී සේවය තුල විකාශනය කරනු ලබයි.ලෝකයේ
සමහර රටවල රාමාසන් උපවාසය කිරීමට ද නොයෙකුත් බාධාවන් එල්ලවනවිට අප රට තුල මුස්ලිම්වරුන් වෙනුවෙන් උපවාසය අවසන්
කිරීමේ ඉෆ්තාර් වැඩසටහන් සිංහල ද්‍රවිඩ ක්‍රිස්තියානි සහෝදරවරුන් විසින් සංවිධානය
කිරීම දකින තරම් ලාංකීය මුස්ලිම්වරුන් වන අප වාසනාවන්ත වෙමු.තවද මුස්ලිම් පාසල්
වලට උපවාස සමයේ පාසල් නිවාඩු දෙනු ලැබීමද විශේෂත්වයකි.
තවද වසරේ දවස් 365 ම
දිනකට පස්වතාවක් ‘අදාන්’ ශබ්ද විකාශනය මගින්
කීමට අවස්ථාවක් ලබා දී ඇති අතර මුස්ලිම්වරු බහුතරයක් නොවන ප්‍රදේශය වල පවා ‘ අදාන්’ ශබ්ද විකාශනය මගින් කීමට
හැකියාව ලබා දී ඇත.මගේ දැනුම අනුව ලෝකයේ මුස්ලිම් නොවන රටක් තුල එවන්වූ අවසරය ලබා
දී ඇති එකම රට ශ්‍රී ලංකාවයි.
ශ්‍රීලංකා ජාතික පුවත්පතෙහි
ඉස්ලාමීය ආගමික කරුණු සදහා කොටසක් වෙන්
කොට ඇති අතර ඒ තුලින් ආගමික කරුණු ලාංකීය සියලු දෙනාටම බෙදා ගැනීමට
අවස්ථාවක් උදා වේ.
මුස්ලිම්වරුන්ගේ විශේෂ
දිනයන් වන රාමසාන් උත්සවය,හජ් උත්සවය හා මිලාදුන් නබි උත්සවය මේ දවස් තුනම, ජාතික
නිවාඩු දිනයන්ය.
මුස්ලිම් ජනවර්ගය නියෝජනය කරමින් දේශපාල පක්ෂ කිහිපයක්ම අප රට තුළ
තිබේ.තවද මුස්ලිම් දේශපාලකයන් සැලකිය යුතු ප්‍රමාණයක් පාර්ලිමේන්තුව නියෝජනය
කරති.පළාත් සභා,පළාත් පාලන සභා,ප්‍රාදේශීය සභා ලෙස පාලන අංශයෙන් යම් ප්‍රතිශතයක්
මුස්ලිම්වරුන් නියෝජනය කරති.ඔවුන් මුස්ලිම්වරුන් වෙනුවෙන් පෙනී සිටිනවද
මුස්ලිම්වරුන්ගේ ප්‍රශ්න පිළිබද සොයා බලනවද නැද්ද යන්න වෙනම මාතෘකාවකි.නමුත් ශ්‍රී
ලංකා දේශපාලන භූමිකාව තුල මුස්ලිම්වරුන්ගේ චරිතය ප්‍රබල වුවක් බව අතිතය සිටම පෙනී යයි.අබ්දුල් බකීර් මහතා පාර්ලිමේතු
කතානායක ධුරය දැරීමට,ආචාර්ය බදුර්දීන් මහුමුද් මහතා අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරීමට ඔවුන් සුළු ජනවර්ගයට
අයත්වූවන් වීම බලපෑවේ නැත.වර්තමානයේ වුවද ප්‍රබල අමාත්‍යංශ කිහිපයක්ම මුස්ලීම් දේශපාලකයන් යටතෙහි පවතී.එපමණක් නොව මුස්ලිම් නොවන්නන් බහුල
වශයෙන් සිටින ප්‍රදේශවලින් මුස්ලිම් නොවන්නන්ගේ ඡන්දවලින් මුස්ලිම් දේශපාලකයන් ජයග්‍රහණය
කරන තත්වයක් දක්නට ලැබීමත් ලාංකීය සහජීවනය
පෙන්නුම් කරන තවත් එක්තරා සලකුණක් ලෙස දැක්විය හැකිය.
සමහර රටවල නිකාබ්ය ( මුස්ලිම්
කාන්තාවන් මුහුණ අවරණය කිරිම) තහනම් කරමින් හිජාබය පැළදීමට බාධා ඇති කරන විට ලංකාව තුල
හිජාබය හා නිකාබය සදහා කිසිදු බලපෑමක් නොමැත.ඒ සදහා මුස්ලිම් කාන්තාවන් හට
පූර්ණ අවසරය ලැබී තිබේ.
තවද ලංකාව තුල සමාජ
සුබසාදන සංවිධාන බහුල වශයෙන් බිහි වී ඇත්තේ සිංහල මුස්ලිම්වරුන්ගේ
එකමුතුවෙනි.ආගමික නායකයන්ද එක්වෙමින් මහා පරිමාණයෙන් කරන්නාවූ ප්‍රජා සත්කාරය සදහා
මුස්ලිම් හා සිංහල ස්වේච්ඡා සේවකයන් කටයුතු කරනුයේ ආගම අබිභවා ගිය මනුෂත්වය උදෙසාය.
පොලිය ඉස්ලාමීය නීතියට
අනුව තහනම් බැවින් මුස්ලිම්වරුන්ට පහසුව තකා හදුන්වන දෙන ලද ෂරියා ඉස්ලාමීය බැංකු ක්‍රමය
ලාංකීය බැංකු සැකැස්මට එක්කරමින් මුස්ලිම්වරුන්ට තම බැංකු කටයුතු පහසුවෙන් කරගෙන
යාමට ඉඩ සලසා ඇත.
අරාබි හා ඉස්ලාමිය
ශිෂ්ටාචාරය දෙපාර්තුමේතුව ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාල තුලට එක් කරමින් ඒ තුලින්
අරාබි භාෂාව හා ඉස්ලාමිය ශිෂ්ටාචාරය
පිළිබද අධ්‍යනය දියුණු කිරීමට කටයුතු කරන ලදී.
කැනඩාව බ්‍රිතාන්‍ය වැනි යුරෝපිය රටවල් සමහර ලෝ ප්‍රකට ඉස්ලාමීය ධර්ම
ප්‍රචාරකයන් තම රටට පැමිණීම තහනම් කර තිබුනද අප රට තුල එලෙස පැමිණීමේ කිසිදු බාධාවක්
නොමැති අතර එවන්වූ චරිතයන්ගේ පැමිණීමත් ඔවුන් සම්බන්ද කොට ගනිමින් ලාංකීය
මුස්ලිම්වරු විවිධ වැඩසටහන් කිරීමත් අප රට තුල සිදු වේ.උදාහරණයක් ලෙස නුහ්මන් අලි
ඛාන්, ඉස්මයිල් මෙනක් ,සාකිර් නායික් යනාදී විද්වතුන්ගේ පැමිණීම දැක්විය හැකිය.
මුස්ලිම් රටක් වන
පලස්තීනයට ඊශ්‍රායිලය පහර දෙන අවස්ථාවේ බොහෝ
මුස්ලිම් රටවල් පවා නිහඩව සිටින විට ඒ වෙනුවෙන් හඩ දුන් රටක් ලෙස ලංකාව හැදින්විය
හැකිය.පලස්තීන් විමුක්තිය වෙනුවෙන් එක් වූ මිත්‍රත්ව සංවීධදානයේ සභාපති වුයේද
හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.
සිංහල බෞද්ධ පර්යේෂකයකු
වන ආචාර්ය ලෝරන දීවරාජ විසින් ශ්‍රීලාංකික සිංහල හා මුස්ලිම්වරුන් අතර පවතීන
සාමකාමී ඉතිහාස පිලිබද කරන ලද පර්යේෂණය තුලින් අතීතයේ රජවරු විශ්වාසය පදනම්
කරගනිමින් ලබා දිය යුතු කාර්යභාර්යන් වන එනම් රජුන්ගේ ආහාර පිසීම,ආරක්ෂාව,රජු සහභාගී
වන්නාවූ උත්සව වල සංවිධාන ධුර, රජුගේ පොද්ගලික ආරක්‍ෂිත කාර්යභාර්යයන් යනාදිය පවරා තිබුනේ
මුස්ලිම්වරුන් හට බව ඉතිහාසය සාක්ෂි දරයි.
එදා මෙදා තුර ලක් භූමිය
තුල නිදහස් හා සාමකාමී ලෙස ජිවත්වන්නාවූ මුස්ලිම්වරුන්හට ලංකාව ආක්‍රමණය කර
ගනිමින් මුස්ලිම් රටක් බවට පත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැත.එබැවින් මුස්ලිම් ජනගහනය
වැඩි වන බවත් මුස්ලිම් පල්ලි වැඩි වන බවත් අනිසි බියක් ඇති කර ගත යුතු නැත.ඉතා
කුඩා දේවල්වලට පවා මුස්ලිම්වරුන්ගේ අයතීන් උල්ලංගනය වන බවත් නිදහස අහිම වන බවත්
සිතන මුස්ලිම්වරුන් ලංකාව තුල මුස්ලිම්වරුන් වශයෙන් අපහට ලැබී ඇති වරප්‍රසාද කොපමනදැයි
අනෙකුත් මුස්ලිම් නොවන රටවල් සමග සංසන්දනය කර බැලිය යුතුයි.හේතුව ලක්මවට ඉපදුනු
මුස්ලිම්වරුන් වන අප සැබවින්ම වාසනාවන්තයන් වීමයි.එබැවින් අප රට ආරක්ෂා කිරීමටත්
එහි නිදහස හා සාමකාමී බව රැක ගැනීමටත් උපරිම සහයෝගය ලබා දිය යුතුයි.අන්තවාදී අදහස්
දරන්නන් ගෙන් දුරස් වීම මෙයට පිලියමක් නොවේ.ඔවුන්හට අප මෛත්‍රිය කල යුතුය. අප
යුද්දය ඇසින් දුටු පරම්පරාවයි.එබැවින් මතු පරපුරට එය දැක ගැනීමට ඉඩ නොදීම අපගේ
වගකීමයි.
Comments
Post a Comment