Skip to main content

කඩදාසියට විලංගු දැමු අරගලය - ආගමට විලංගු දමන සංස්කෘතිය


අප රට තුලට කලින් කලට උණුසුම් මාතෘකාවන් පැමිණීමත් ඒවා දැඩි විවාදයට හා කතා බහට ලක් වීමත්, පසුව එහි කිසිදු සලකුණක් ඉතිරි නොකරමින් සියලු දෙනාගේම මතකයෙන් ඈත් වීමත් සාමාන්‍යයෙන් සිදුවන්නාවූ දෙයකි.ඒ ආකාරයට ශ්‍රී ලංකා තවුහීද් ජමාත් නැමැති සංවිධානය(SLTJ) විසින් පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මේ දිනවල අප සමාජය තුල විශාල කතිකාවතක් ඇතිවී තිබේ. විවිධ පුද්ගලයන් මේ පිළිබද විවිධාකාරවූ මතවාද විවේචන හා අදහස් පල කරති. සමහරූ මෙය කෙලින්ම ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම සදහා යොදා ගත්හ.ඉස්ලාමය කාන්තා හා ළමා අයිතීන් ආරක්ෂා නොකර බවත් ඔවුන් දැඩි පිඩනයට ලක් කරන බවත් බොහෝ දෙනාගේ අදහස විය.මෙවන්වූ චෝදනා කල බහුතරය අතර විමර්ශනශීලි උගතුන්ද සිටීම කණගාටුදායක කරුණකි.
විරෝධතා ව්‍යාපාරයහි බෝඩ් කැබැල්ලෙහි ලියා ඇති දේ ඉස්ලාම් යැයි සිතු අය බොහෝය.කෙනෙකුට ඉස්ලාමය පිළිබද අධ්‍යන කිරීමට, විමර්ෂණය හෝ විවේචනය කිරීමට අවශ්‍ය නම් කලයුත්තේ ෆේස්බුක් හරහා ශෙයාර් වන පොස්ට් මගින්, විරෝධතා ව්‍යාපාරයහි උස්සන ලද බෝඩ් මගින් හෝ අප අතර ජිවත් වන්නාවූ මුස්ලිම්වරුන්ගේ ක්‍රියාකලාපයන් මගින් අධ්‍යන කිරීම නොවේ.එය සම්පුර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වන අතර එමගින් නිවැරදි ඉස්ලාමයෙහි ඉගැන්වීම් කෙනෙකුට කිසිසේත්ම ලබාගත නොහැකි වන්නේය.එලෙස නිවැරදි ඉගැනිවීමක් අවශ්‍ය නම් අධ්‍යනය කල යුත්තේ අල්කුරණය හා අස්සුන්නහ්ව( මුහම්මද් නබිතුමනන් විසින් කරන ලද කියන ලද හා අවසර දෙන ලද )මගින් පමණි.
ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ නිල නියෝජනය ලෙස සලකනු ලබන්නේ ACJU හෙවත් සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවයි.ඒ හැරුනුකොට අනෙක් ආගම්වල මෙන්ම ලාංකීය මුස්ලිම්වරුන් අතරද විවිධවූ සංවිධාන විවිධ නම්වලින් දක්නට ලැබ. ශ්‍රී ලංකා තවුහීද් ජමාත් නැමැති සංවිධානයද(SLTJ) එවන්වූ එකකි.1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වෙන අතර එය ඉස්ලාම් දහමේ ප්‍රතිපතීන් අභාශයට ගනිමින් සකස් කරන ලද්දක් වුවත් එය සම්පුර්නයෙන්ම අනුගමනය කරමින් සකස් කරන ලද්දක් නොවේ.එබැවින් ඒ තුල බොහෝ දුර්වලතා දක්නට ලැබේ. ඒ හේතුවෙන් බහුතර මුස්ලිම්වරු ශ්‍රී ලාංකීය ඉස්ලාමීය විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කලයුතුයි යන අදහස දරති. ඉස්ලාමීය විද්වතුන් හා සිවිල් සංවිධාන විසින් සිදුකල සමීක්ශන හා දත්ත රැස්කිරීම්වලින් අනතුරුව සංශෝධනයක ඇති අවශ්‍යතාව විශේෂයෙන් විවාහ වීමට අවම වයස් සීමාවක් පැනවීම ගැන අවධානය යොමුවී තිබුණි. එහි ප්‍රතිපලයක් ලෙස 2009 වසරේදී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූක් මහතාගේ ප්‍රදානත්වයෙන් කමිටුවක් පත්කොට තිබුනු අතර මෙකී කමිටුව පුරා වසර 7 කට කාලයක් සිවිල් හා ඉස්ලාමීය කාන්තා සංවිධාන හා ඉස්ලාමීය විද්වතුන් හමුවී කරුනු එක් රැස්කොට වාර්තාවක් පිලියෙල කොට අවසන් කෙරෙමින් පවතින බවත් එය ඉක්මනින් අධිකරණ ඇමතිවරයාට ලබාදෙන බව එම කමිටුව පසුගිය ජුලි 19 වැනිදා රැස්වූ අවස්ථාවේ මාධ්‍යට පවසා තිබුනි.(ද නේෂන් පුවත් පත පලකල වාර්තාව- http://nation.lk/…/02/muslim-law-reforms-report-finalized.h…)
මේ ආකාරයට මුස්ලිම් නීතිය සම්බන්ධ කටයුතු තිරය පිටුපස යමින් තිබියදී ශ්‍රී ලංකා රජය GSP සහන නැවත ලබා ගැනීමට යුරොපීය සංවිධානය සමග සාකච්ඡා සහ කේවල් කිරීම් අරම්භ විය . එහිදී ඔවුන්ගේ ඉල්ලීම් අතර එක ඉල්ලීමක් ලංකාවේ පවතින මුස්ලිම් නීතිය වෙනස් කිරීම හා ඍජුව සම්බන්ධව වන අතර මෙය සාගල රත්නායක විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කිරීමෙන් පසුව එය ලාංකීය මුස්ලිම්වරු අතර දැඩි කතාබහට ලක් විය.මේ කටයුතු හා සංශෝධන ඉක්මන් කිරීමට වර්තමානය වනවිට අධිකරණ ඇමැති වරයාගේ සභාපතිත්වයෙන් සහ සියලුම මුස්ලිම් අමැතිවරුන්ගේ සාමාජිකත්වයෙන් කමිටුවක් ස්ථාපිත කොට තිබෙන අතර එබැවින් මෙය මේසයක වාඩිවී කරුනු කරුණු කරණා සාකච්ඡා කර පිලියම් සෙවීමට හැකිවූ ප්‍රශ්නයක් මිස පාරට බැස අරගල කොට විසදිය යුතු ආකාරයේ ප්‍රශ්නයක් නොවේ.තවද සහන ලබාදෙන මුවාවෙන් රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ජාත්‍යන්තරයට ඇති අයිතිය වෙනම සාකච්ඡා කලයුතු මාතෘකාවකි.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීම සම්බන්ධ මාතෘකාවේදී බොහෝදෙනාගේ අවධානයට ලක්වුයේ විවාහ වීමේ අවම වයස යන ප්‍රශ්නයයි.ඉස්ලාමය අනුව වීවාහ වීමේ අවම වයසක් සදහන් නොවන අතර කෙනෙකු කායිකව හා මානසිකව විවාහයට සුදානම් වීම යන්න ප්‍රධාන ප්‍රස්තුතයක් ලෙස ගැනේ.ඒ හැරුනුකොට එම අරගලයේ සදහන් වූ ආකාරයට වැඩි වියට පත්ව,අදාල ගැහැණු දරුවාට හා ඈගේ දෙමව්පියන්ට කැමැත්ත තිබු පමණින් ඈයට වීවහ වීමට අයිතිය හිමි කර දිය යුතු බව හෝ වෙනුසියුලාවේ විවාහ වීමේ අවම වයස අවුරුදු 12ක් වීම නිසා ලාංකීය මුස්ලිම්වරුන්ටද එය හිමි විය යුතු බව ඉස්ලාමයේ කිසිම අවස්ථාවක පවසා නොමැත.මුස්ලිම් කාන්තාවට විවාහ හා දික්කසාදයෙදී පමණක් නොව ආර්ථිකය,අධ්‍යාපනය,දේශපාලනීය,සමාජීය හා සංස්කෘතික වශයෙන් හිමි විය යුතු සියලු අයිතිවාසිකම් පිළිබද ඉස්ලාමය පැහැදිලිව දක්වා ඇති අතර පුරුෂ පාර්ශවය අදාල අයිතීන් ඇයට ලබා දීමට කටයුතු කිරීමටත් එයට බාධාවක් ලෙස නොසිටිමටත් වග බලා ගතයුතු මිස ඈගේ අයිතීන් තීරණය කිරීමෙහි උරුමය ඔහුට කිසිසේත්ම හිමි නොවේ. අවුරුදු 1400 කට පෙර අප මුහම්මද් නබි තුමාණෝ තම අවසාන දේශනය වන අරෆා දේශන්යදී කාන්තාවන්ගේ කටයුතු සම්බන්දයෙන් අල්ලාහ් ට බියවන ලෙස ප්‍රකාශ කරමින් කාන්තා අයතිවාසිකම්හි වැදගත් බව ලොවට අවධාරණය කොට සිටියහ.
කෙනෙකු කායිකව හා මානසිකව විවාහයට සුදානම් නම් ඇයට විවාහ වීමේ හැකියාව ඇති බව පෙන්වා දී නිශ්චිත අවම වයසක් සදහන් නොකිරීම හේතුවෙන් ඉස්ලාමයට අනුව ළාබාල ගැහැණු දරුවන් විවාහ කරදියයුතුය යන්න අර්ථකතනය කිරීම වැරදිය.නමුත් ලාංකීය මුස්ලිම් නීතිය තුල විවාහ වීම සදහා අවම වයස දක්වා නොමැති හේතුවෙන් සමහර මුස්ලිම් දෙමව්පියන් තම ගැහැණු දරුවාගේ පාසල් අධ්‍යාපන කටයුතු සම්පුර්ණ කිරීමටත් පෙර විවාහ කර දෙති.සමාජ පිළිබද හෝ විවාහ ජිවිතයේ සංකීරණ බව නොදන්නා ගැහැණු දරුවා විවාහය සදහා කැමැත්ත දෙනු ලබයි. අවුරුදු 14 සහ 15 වැනි වයස් කාණ්ඩ වල දැරියන් සම්බන්ධ දික්කසාද නඩු වල දී අසන්නට ලැබෙන තොරතුරු මගින් හෙළිවන්නේ ඔවුන් විවාහ වී බිරිඳක ගේ කාර්යභාරය ඉටුකිරීමට තරම් කායිකව හා මානසිකව වැඩුණු අය නොවන බවයි. ගැහැණු ළමුන්ගේ මානසික වර්ධනය, අධ්‍යාපනය, මෙන්ම ශාරීරික ශක්තියට ද මෙම බාලවයස්කාර විවාහ වලින් දැඩි බලපෑමක් එල්ලවන බව සමාජ පර්යේෂණවලදී හෙළි වේ. අඩු වයසින් විවාහ වී දරුවන් ලබන මෙම දැරියන් දික්කසාද නඩු වල දී ‘ක්වාසි’ අධිකරණය හමුවේ දැඩි අපහසුවට පත්ව දික්කසාද වී දරුවෙකු සමග තනිවූ විටද විවිධ සමාජීය ගැටළු වලට මුහුණ දෙන කාන්තාවන්ගේ අයිතීන් පිළිබද කව්රුවත් කතාබහට ලක් කරන්නේ නැත.දික්කසාද නීතියෙහි මුස්ලිම් කාන්තාව දැඩි අසාධරණයට ලක්ව වන බව මුස්ලිම්වරු හොදින්ම දන්නා කරුණකි.මෙතරම් අවුරුදු ගණනාවක් ගතවී ඈතත් ඒ පිළිබද හෝ එය වෙනස් කිරීම සම්බන්ධව කතාබහට ලක්වුයේ නැත.ඉස්ලාමය විසින් සම්පුර්නයෙන්ම තහනම් කරන ලද දැවදී සංකල්පයද මුස්ලිම් නීතිය තුල අන්තර්ගත වී තිබීම සැලකිය යුතු කරුණකි.
ලංකාවේ පවතින පොද්ගලික නීතිවල දුර්වලතා තිබීම මුස්ලිම් නීතියට පමණක් සීමා වුවක් නොවේ එවන් වූ දුර්වලතා උඩරට නීතිය හා තේසවලමි නීතියේද දක්නට ලැබෙන අතර එවන්වූ අවස්ථාවලදී අප සාමාන්‍ය නීතියෙහි පිහිට ලබා ගන්නා අතර පෞද්ගලික නීතිය නිශ්ශබ්ද වන අවස්ථාවලදී අධිකරණය සාමාන්‍ය නීතියෙහි දෙස හැරීම සාමාන්‍යයෙන් සිදුවන්නාවූ දෙයකි. ඇත්තවශයෙන්ම බලන කල විවාහ විමේ අවම වයස යන්න මුස්ලිම් ප්‍රජාව තුල පවතින ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස ගැනීමට අවශ්‍ය නොවේ.හේතුව මේ නිසාවෙන් මුස්ලිම්වරුන් පීඩනයට හෝ අපහසුතාවයකට පත් නොවන බැවිනි.
ලංකාව තුල මුස්ලිවරු වශයෙන් අපට නිදහසේ අපගේ ආගම ඇදහීමටත් අපගේ ආගමික කටයුතු කරගෙන යාමටත් පුර්ණ නිදහස ලැබී ඇති අතර රටක් වශයෙන් රටේ බහුතරය වෙනුවෙන් නීතියක් ඇති කරනු ලබන්නේ නම් එය ඉස්ලාමයේ මුලික ප්‍රතිපතීන්වලට බාධාවක් නොවේනම් එම නීති අනුව කටයුතු කිරීම මුස්ලිම්වරුන්ට කිසිසේත්ම ප්‍රශ්නයක් නොවේ.තම උපන් රටට ආදරය කිරීම, එහි සාමය ආරක්ෂා කිරීම හා එහි දියුණුවට උර දීම, රට වෙනුවෙන් සටන් කිරිම හා රට වෙනුවෙන් ජිවිත පූජා කිරීම පිළිබදවද පැහැදිලි ඉගැන්වීමක් කියාදුන් දහමකි ඉස්ලාම්.සාමය හා සමගිය ඇති කිරීම වෙනුවෙන් තම ප්‍රජාවගේ අයිතීන්ද කැපකරමින් මුහම්මද් නබිතුමානන් එකග වූ හුදෙයිබියා ගිවිසුම දැනට ලෝකයේ ඇති කරන ලද සියලු සාම ගිවිසුම්වලට ගුරු පොත වේ.ඉවසීම ලැජ්ජාවක් ලෙස හෝ සටන් කිරීම වීරකමක් ලෙස හදුන්වන්නාවූ දහමක් නොවේ ඉස්ලාම්.එබැවින් සමාජයේ බහුතරයකට බල නොපාන කුඩා ප්‍රශ්නයක් ගෙන එය ජාතික ප්‍රශ්නයක් ආකාරයට අරගල කිරීම තරම් ලංකාවේ බහුතර මුස්ලිම්වරු නුගතුන් නොවෙති.එබැවින් ඒ පිළිබද කතිකාවක් ඇති කරමින් මුස්ලිම් නොවන්නන් ප්‍රශ්නයක් ඇති කරගැනීමට අවශ්‍ය නැත.
අවසානයට කීමට ඇත්තේ ...
මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය කෙරෙහි ලංකිකයා තුල තිබෙන්නාවූ උනන්දුව හා කුතුහලය,අප රටේ බදු ප්‍රතිශතය වැඩි වීම,අධ්‍යාපනය අයිතිය,සෞඛ්‍ය සේවයේ දියුණුව,ලෝක උරුම ස්ථාන හා පාරිසරික පද්ධති විනාශය,ආර්ථික හා සමාජීය සංවර්ධනය,අල්ලස් හා දුෂණය විමර්ශනය,බහුජන සමාජයේ වටිනාකම ,රැකියා වියුක්තිය හා තරුණ අසහනය,බුද්ධිගලනය,දේශපාලනය හා එහි ක්‍රියාකලාපය පිළිබද අවබෝධය..යනාදී මාතෘකාවන් කෙරෙහි තිබුනානම් අප රට තවදුරටත් GSP සහන බලාපොරොත්තු වන රටක් නොවීමට ඉඩ තිබුණි.

Comments

Popular posts from this blog

කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය

දශක ගණනාවක සිට අප රටේ නොවිසඳී පැවති ජාතික ප්‍රශ්නයක් නැවත මීතොට මුල්ලේ සිදුවූ ඛේදවාචකයත් සමග සියළුම ජනතාවගේ අවධානය ලබාගැනීමට සමත්ව තිබේ. නිසි කසළ කළමනාකරණයෙන් තොරව විවෘත බිම්වල කුණු කඳු ගොඩගැසීම හේතුවෙන් කටුක අත්දැකීම්වලට මුහුණ පෑමට දැන් අපට සිදුව තිබේ. එනිසා මෙය ජාතික ව්‍යසනයක් සේ සලකා ඊට නිසි විසදුම් සෙවීමට අපට සිදුව ඇත. අනෙක් අතට අප මේ අත්විඳිමින් සිටින්නේ, විද ්වතුන් ගේ දැනුම කේන්ද්‍ර කර ගත් තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගනු වෙනුවට ඉතාමත් ප්‍රාථමික ක්‍රමවේදයන් උපයෝගී කරගෙන කසළ කළමනාකරණය කිරීමට යාමේ ප්‍රතිඵලයයි. එම නිසා අද දවසේ ජාතික වගකීම වනුයේ මේ සඳහා ජාතික වැඩ පිළිවෙලක් සහිත පුළුල් විද්‍යාත්මක ක්‍රමවේදයක් හා බැඳුණු නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගැනීමට කටයුතු කිරීමය. මූලික වශයෙන් මේ කරණු හතර සඳහාවත් අප අවධානය යොමු කළ යුතුවේ. • සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව විද්‍යාත්මක ක්‍රමවේද සොයා යෑම. • කාබනික ඝන අපද්‍රව්‍යවලින් ප්‍රවාහන ඉන්ධන සහ විදුලිය නිපදවීම. • නවීන තාක්ෂණය බැඳුණු කාර්යක‍ෂමතාවයෙන් ඉහළ දේශීය තාක්ෂණය. • කසල කළමණාකරණයට රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු තාක්ෂණය. • නිවෙස්වලින් බැහැර ක...

Is it permissible to work as a Lawyer in Islam?

Most of the Muslims think Islam doesn’t give any permission to work as a lawyer and some of us completely dislike about the law profession. Because they think it involves in referring to something other than the laws of Allaah for the judgement. I think this is completely a misconception. As Muslims, we shouldn't be narrow minded to that far.   Wor king as a lawyer is not harm in and of itself, because it is not judged according to something other than that which Allaah has revealed, rather it is acting as a people’s deputy or representative in cases of dispute, which is a permissible kind of deputation or representation. But the lawyer must be careful and make sure of the case before getting involved in it.  If it is a claim regarding some right that has been taken away in a wrong manner, then it is permissible for you to argue on his behalf to have his rights restored to him and the wrongdoing stopped. This comes under the heading of cooperating in righteousness and ...

"We'd Rather Spend more on our Daughter's marriage than her Education"

It's sad to think that there are still some societies that exist where parents are concerned and often feel burdened by the pressure of getting their daughters married. Their worry often begins before their daughters have even reached a marriageable age. Marriage gives priority, in some cases not all, over everything else and daughters are often made to feel that the sole purpose of their lives   is marriage and this should be their number one priority.   Parents start worrying about saving for their daughter's big day so they can get her married off in a culturally fitting manner. In a sense, they rightly do so; it's a good thing for parents to think about these things for their children and it's always wise to plan ahead. However, again in some cases not all, we need to ask the question; why is a girl's education not given equal importance? Why do we feel that educating our daughters is a waste of time and money, but paying thousands in credit towards her we...