Skip to main content

කන්නගර දරුවන් කරන්නාවූ පුජනීය මෙහෙයුමෙහි අපට නිහඩව සිටිය හැකිද??


මෙය පොහසතුන් හා දුපපතුන් අතර ඇතිවන්නාවූ අරගලයක් නොවේ,මෙය මුදල් ගෙවා ඉගෙන ගන්නන් හා මුදල් නොගෙවා ඉගෙන ගන්නන් අතර ඇති අරගලයක් නොවේ,මෙය උගතා හා නුගතා අතර ඇති වූ අරගලයක්ද නොවේ. මෙය ආත්මාර්ථකාමීන් හා පරාර්ථකාමීන් අතර ඇති අරගලයයි.කන්නගර දරුවන් කරන්නාවූ පුජනීය මෙහෙයුමයි.මෙය රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ළමුන් පෞද්ගලික අංශයෙන් අධ්‍යාපනය ලබන ළමුන් කෙරෙහි ඇති ඊර්ශියාව හේතුවෙන් කරන්නාවූ අරගලයක් ලෙස විග්‍රහ කිරීම කිසිසේත්ම සාදාරන නොවේ.මිලක් නියම කල නොහැකි අධ්‍යාපනය සදහා මිලක් නියම කිරීමට විරුද්දවත් ,නිදහස් අධ්‍යාපනය අයිතිය ආරක්ෂා කිරීමටත් කරන්නාවූ අරගලයකි...
රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ළමුන් පාරට බැස කෑගසද්දී...
බැටන් පොලු පහර දෙමින්,කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන පොලිසිය,
“මුන්ට වෙන වැඩක් නැතැයි” චෝදනා කරන මහජනයාත්,
මේ අරගලයට පිටුපස දේශපාලන බලපෑම් තියන බව කියමින්ම ප්‍රශ්නය අතිනතට යවන දේශපාලකයින්,
මෙය ඊර්ශියාවෙන් පෙලෙන දුප්පත් කොල්ලෝ කෙල්ලන්ගේ සටනක් යැයි හංවඩු ගසමින් අඩු තක්සේරුවට ලක් කරන පෞද්ගලික අංශයෙන් අධ්‍යාපනය ලබන කොල්ලෝ කෙල්ලනුත්,
එක් දෙයක් අනිවාර්යෙන්ම දැන ගත යුතුයි.මේ පාරට බැස කෑගසන ළමුන් අතරේ සිටින්නේ එදා වේලට කන්න නැතිව සිටින දුප්පතුන්ගේ දරුවන් පමණක් නොවේ.නිදහස් මතදාරී මධ්‍යම පන්තික ළමුන් මෙන්ම පරාර්ථකාමී සිත් ඇති පොහසත් දරුවන්ද සිටිති.හෙටදින ලක්මවට උපදින දරුවාගේ නිදහස් අධ්‍යාපන වෙනුවෙන් ඔවුන් කෑ ගසමින් දහදිය ලේ වගුරති.ඔවුන් තමාට ලැබුණු වරම අනෙකාටත් ලැබිය යුතු යැයි සිතති...විශ්ව විද්‍යාල තුළ ගානට තමාගේ වැඩේ පමණක් කරගනිමින්.තිබෙන විභාග පැවරුම් වෙලාවට කරගනිමින්,නිදහස් වෙලාවේ විනෝදවෙමින් සිටින කොල්ලෝ කෙල්ලෝ අතරේ පාරට බැස ගුටි කමින් මේ කෑගසන්නේ තවමත් කන්නන්ගර රුධිරය ඔවුන්ගේ ඇග තුල දුවන නිසාය..
තමන් කැමති අධ්‍යාපනය තමන් ලබා ගත යුතුය. විශ්ව විද්‍යාලය වරම අහිම වීම යනු තමාගේ උසස් අධ්‍යාපන අවස්ථාව නිමවීමක් ලෙස සැලකීම නොවේ.z-core දශම ගණනක අගයක් අඩුවීම හේතුවෙන් තමන්ගේ අධ්‍යාපන සිහිනය අහිම කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත.නමුත් අධ්‍යාපනයේ වටිනාකම මුදල්මත තීරණය කිරීම නොකලයුත්තේය.තමා ලැබිය යුතු අධ්‍යාපනය තීරණය කල යුත්තේ තමාගේ දක්ෂතාවය මිස තමාගේ අතෙහි තිබෙන්නාවූ මුදල් මත නොවේ.
එදා පත්මසිරි ත්‍රිමාවිතාණ,නිමල් බාලසුරිය,බන්දුවර්දන ඔරුවල,රන්ජිත් පෙරේරා,වෙනුර එදිරිසිංහ,නිෂ්මි වැනි වීර ලක් මවගේ පුතුන් දිවිපිදුවේ කුමක් සදහාද?
ඔවුන් ඔබ සිතන ආකාරයට ආත්මාර්ථකාමී වූවානම්,වෙන වැඩක් නැති අය වූවානම්, ඊර්ශියාවෙන් පෙලෙන චරිත වූවානම් අද දහස් ගණන් ලක් දරුවන් නිදහස් අධ්‍යාපනය තුලින් වෛද්‍යවරුන් වන්නේ නැත.එදා ඔවුන් තම බෙල්ල දී දහස් ගණන් දරුවන්ගේ බෙල්ලෙහි වේද නලාව රැදවුහ.අතේ මුදල් තිබු පමණින් කඩේ බඩු ගන්නාක් මෙන් අධ්‍යාපනය ගත හැකි යැයි සිතන්නාවූ බොහෝ දෙනාට නිදහස් අධ්‍යාපනය හාස්‍යකි;දුප්පතුන්හට නොමිලේ ලබාදෙන්නාවූ ආධාරයක් ලෙස ඔවුන් සිතා සිටිති.නිදහස් අධ්‍යාපනය මෙරටේ බහුතර ජනයාගේ හද ගැස්මයි.රජයේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සියලු දෙනා දුප්පතුන්ද නොවේ; පෞද්ගලික අංශයෙන් අධ්‍යාපනය ලබන සියලු දෙනා පොහොසතුන්ද නොවේ.තම දරුවාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තම නිවාස ඇතුළු සියලු දේපල උකස් කරමින් වියදම් කරන්නාවූ දහස් ගණන් දෙමව්පියන් අප රට තුල සිටිති.කුඩාකාලයේ සිට තමන් හට තිබුනාවූ අරමුණ,ඉලක්කය,ආසාව සියල්ල සුළු ලකුණු ගණනක් අඩුවීම හේතු මත සුනුවිසුනු කරමින් රජය විසින් ලබාදෙන්නාවූ පාඨමාලාව තුලට එක් වෙමින් අකැමැත්තෙන් ඉගෙන ගන්නාවූ දහස් ගණන් දරුවන්ද මේ රට තුල සිටිති.තවද රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ලබන අතරම මුදල් වියදම් කරගනිමින් පෞද්ගලික අංශයෙන් උපාධි හදාරනවුන් බහුතරයක්ම සිටිති.මේ තත්වයන් වෙනස්වන තාක් අප රට තුල නිදහස් අධ්‍යාපනය පවතින්නේයැයි කිව නොහැක.
මෙය එකිනෙකා විවේචනය කරගන්නා හෝ චෝදනා කරගන්නාවූ අරගලයක් නොවේ..
මෙය බුද්ධිමතුන්ගේ අරගලයයි...
සහෝදරත්වයේ අරගලයි..
මෙය ඔබ රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබුවත්,පෞද්ගලික අංශයෙන් අධ්‍යාපනය ලැබුවත්, මුදල් ගෙවා අධ්‍යාපනය ලැබුවත්, මුදල් නොගෙවා අධ්‍යාපනය ලැබුවත්,හෙට ඉපදෙන ලක් මවගේ දරුවා වෙනුවෙන්; එනම් අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් කරන්නාවූ ඔබ එක්විය යුතුම අරගලයයි..
රටේ නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අකුරු කරන බාල පරම්පරාව බිය විය යුතු නැත.මන්ද පරාර්ථකාමී සිත් ඇති ඔබේම වැඩිමහල් පරම්පරාව හෙට දින ඔබගේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අඛන්ඩ සටනක සිටින බැවිනි.


Comments

Popular posts from this blog

කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය

දශක ගණනාවක සිට අප රටේ නොවිසඳී පැවති ජාතික ප්‍රශ්නයක් නැවත මීතොට මුල්ලේ සිදුවූ ඛේදවාචකයත් සමග සියළුම ජනතාවගේ අවධානය ලබාගැනීමට සමත්ව තිබේ. නිසි කසළ කළමනාකරණයෙන් තොරව විවෘත බිම්වල කුණු කඳු ගොඩගැසීම හේතුවෙන් කටුක අත්දැකීම්වලට මුහුණ පෑමට දැන් අපට සිදුව තිබේ. එනිසා මෙය ජාතික ව්‍යසනයක් සේ සලකා ඊට නිසි විසදුම් සෙවීමට අපට සිදුව ඇත. අනෙක් අතට අප මේ අත්විඳිමින් සිටින්නේ, විද ්වතුන් ගේ දැනුම කේන්ද්‍ර කර ගත් තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගනු වෙනුවට ඉතාමත් ප්‍රාථමික ක්‍රමවේදයන් උපයෝගී කරගෙන කසළ කළමනාකරණය කිරීමට යාමේ ප්‍රතිඵලයයි. එම නිසා අද දවසේ ජාතික වගකීම වනුයේ මේ සඳහා ජාතික වැඩ පිළිවෙලක් සහිත පුළුල් විද්‍යාත්මක ක්‍රමවේදයක් හා බැඳුණු නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගැනීමට කටයුතු කිරීමය. මූලික වශයෙන් මේ කරණු හතර සඳහාවත් අප අවධානය යොමු කළ යුතුවේ. • සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව විද්‍යාත්මක ක්‍රමවේද සොයා යෑම. • කාබනික ඝන අපද්‍රව්‍යවලින් ප්‍රවාහන ඉන්ධන සහ විදුලිය නිපදවීම. • නවීන තාක්ෂණය බැඳුණු කාර්යක‍ෂමතාවයෙන් ඉහළ දේශීය තාක්ෂණය. • කසල කළමණාකරණයට රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු තාක්ෂණය. • නිවෙස්වලින් බැහැර ක...

The Forever Records of Kandy girls' High School

First lady graduate in the island - Priscilla marshall (1898) First lady doctor to obtain the l.R.C.P. & s.(Edinburgh) nelly r. Jardine (1898) First guide company to be formed in sri lanka - (1917) First Brownie Company to be formed in sri lanka - (1918) First Ranger Company to be formed in sri lanka - (1921) First sri Lankan guide captain - Gladys vanderstraaten (1921) First guide in sri lanka to obtain the 'all round cord'- gladys vanderstraaten (1921) First Malay girl to matriculate in sri lanka - moodah chunchie (1925) First Chinese girl to graduate - Dorothy angie (1925) First girl in sri lanka to be awarded the university scholarship - lily fernando (1926) First Kandyan lady graduate and the first to win the 'tripos' of the Cambridge University - soma seneviratne (1927) First girl in sri lanka to be trained in physical education at lady willingdon college - nora perera First sri lankan lady to get a master’s degree in biochemistry...

ශ්‍රී ලංකාවේදී කෙනෙකුට මරණ දඬුවම හිමි උනොත් ඔහුගේ ජීවිතයේ අවසාන දවස් ගෙවෙන්නේ මෙහෙමයි

ලංකාවේ අවසන් වරට පුද්ගලයෙක් එල්ලා මරා ඇත්තේ 1976 ජුලි 23 වැනිදායි. ඒ වැලිකඩදී එල්ලා මරණ ලද ජේ.ඒ චන්ද්‍රදාස  හෙවත් හොඳ පපුවා නම් පුද්ගලයෙක්. එතැන් පටන් අද වනතෙක් වසර 40ක් තිස්සේ එල්ලුම් ගස දිගු නින්දකයි පසු වන්නේ. මේ දීර්ඝ නිහැඬියාව අතරේ උනත් සේයා ඝාතනය,  රීටා ජෝන්ස්  ඝාතනය වැනි අපරාධත් සමග එල්ලුම්ගහේ අවශ්‍යතාවය ගැන විශාල මහජන මතයක් ගොඩනැගුණා ඔබට මතක ඇති. අපරාධකරුවන්ගෙ නින්ද අහිමි කරල සාමාන්‍ය ජනතාව අතර බිහිසුණු කතන්දර මවන්නට එල්ලුම් ගහ සමත් වෙන්නෙ ඒ මගින් මිනිසෙක්ව මරා දමන නිසාම නෙමෙයි. අපරාධකරුවෙක්ට මරණීය දණ්ඩනය නියම වූ මොහොතේ පටන් එල්ලා මරණ තෙක් ගතවන කාලයම ඒ පුද්ගලයාට මරණයටත් වඩා බිහිසුණු අත්දැකීමක් වන නිසායි. එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන මෑත භාගයේදී පවා “ නිදහස දෙන්නේ නැතිනම් එල්ලා මරන්න ” යැයි කියමින්  සිරකරුවන් උපවාස කිරීමට  පෙළඹීමම මේ දුෂ්කර දණ්ඩනය ගැන සාක්ෂි සපයනවා. අපරාධයක් දැක සංවේදීව අමානුෂික අපරාධකරුවෙක් දෙස අපිත් අමානුෂික ඇසකින් බැලීම සාධාරණද නැද්ද? එයට පිළිතුර ඔබේ හෘද සාක්ෂිය විසින් දෙනු ඇත. එල්ලුම් ගහ අකුරට ක්‍රියාත්මක වූ අදින් වසර හතලිහක...