Skip to main content

Posts

Showing posts from July, 2017

අවසන් හුස්මය

වරක් මාධ්‍යවේදියකු හිටපු ඉන්දියානු ජනාධිපති ආචාර්‍ය අබ්දුල් කලාම් තුමාගෙන් මේසේ විමසනවා. ' ඔබ ඔබගේ අවසාන හුස්මය කෙලෙස විය යුතු දැයි සිතනවාද? එය කෙලෙස වුවානම් ප්‍රිය කරනවාද? එයට පිළිතුරු වශයෙන් ඔහු පවසන්නේ ' මා ජිවිතයේ ඉතාමත් ප්‍රිය කරන දෙය ඉගැන්වීම. මා උගන්වමින් සිටින විට මාගේ අවසන් හුස්මය ගියානම් මා සතුටු වෙනවා' කියාය. ඒ ආකාරයටම 2015 ජූලි 27 වන අද වැනි දිනක ෂිලොන්ග් කළමණාකරන ආයතනයෙහි දේශණයක් කරමින් සිටින අතරතුරෙහි එතුමා අවසන් හුස්ම හෙළීය. මේ ආකාරයටම ප්‍රශ්නයක් අපේ රටේ ඇතැම් දේශපාලකයන්ගෙන් අසා ඔවුන් ලබාදෙන පිළිතුර අනුව ඔවුන්ගේ අවසන් හුස්මය යනවා නම් යන්නේ සයිටම් ඉදිරිපිටය.