Skip to main content

Posts

Showing posts from November, 2016

කඩදාසියට විලංගු දැමු අරගලය - ආගමට විලංගු දමන සංස්කෘතිය

අප රට තුලට කලින් කලට උණුසුම් මාතෘකාවන් පැමිණීමත් ඒවා දැඩි විවාදයට හා කතා බහට ලක් වීමත්, පසුව එහි කිසිදු සලකුණක් ඉතිරි නොකරමින් සියලු දෙනාගේම මතකයෙන් ඈත් වීමත් සාමාන්‍යයෙන් සිදුවන්නාවූ දෙයකි.ඒ ආකාරයට ශ්‍රී ලංකා තවුහීද් ජමාත් නැමැති සංවිධානය(SLTJ) විසින් පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මේ දිනවල අප සමාජය තුල විශාල කතිකාවතක් ඇතිවී තිබේ. විවිධ පුද්ගලයන් මේ පිළිබද විවිධාකාරවූ මතවාද විවේචන හා අදහස් පල කරති. සමහරූ මෙය කෙලින්ම ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම සදහා යොදා ගත්හ.ඉස්ලාමය කාන්තා හා ළමා අයිතීන් ආරක්ෂා නොකර බවත් ඔවුන් දැඩි පිඩනයට ලක් කරන බවත් බොහෝ දෙනාගේ අදහස විය.මෙවන්වූ චෝදනා කල බහුතරය අතර විමර්ශනශීලි උගතුන්ද සිටීම කණගාටුදායක කරුණකි. විරෝධතා ව්‍යාපාරයහි බෝඩ් කැබැල්ලෙහි ලියා ඇති දේ ඉස්ලාම් යැයි සිතු අය බොහෝය.කෙනෙකුට ඉස්ලාමය පිළිබද අධ්‍යන කිරීමට, විමර්ෂණය හෝ විවේචනය කිරීමට අවශ්‍ය නම් කලයුත්තේ ෆේස්බුක් හරහා ශෙයාර් වන පොස්ට් මගින්, විරෝධතා ව්‍යාපාරයහි උස්සන ලද බෝඩ් මගින් හෝ අප අතර ජිවත් වන්නාවූ මුස්ලිම්වරුන්ගේ ක්‍රියාකලාපයන් මගින් අධ්‍යන කිරීම නොවේ.එය සම්පුර්...