Skip to main content

මොරටු සරසවි සිසුන්ගේ තවත් ජාත්‍යන්තර ජයග‍්‍රහණයක්

පූර්ණ ශ‍්‍රව්‍යාබාධිතයන්ගේ සන්නිවේදනය වර්ධනය කර ගැනීමට උපකාරී වන විශේෂිත ‘බඳ පටියක්’නිර්මාණය කරමින් දකුණු ආසියාතික ජයග‍්‍රහණයක් හිමි කරගත් මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අවසන් වසරේ සිසුහු තිදෙනා නවසීලන්තයේ පැවැති එහි අවසන් තරගාවලියෙන්  ආසියා ශාන්තිකර කලාපීය ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වූහ.
යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වයි.ඩබ්ලිව්. රංජිත් අමරසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ හසල සක්විති රෝහණවංශ, එරංග ද සිල්වා සහ පේශාන් සම්පත් යන සිසුන් මෙම ජයග‍්‍රහණය අත්කර ගත්හ.
ආසියා ශාන්තිකර තරඟාවලිය වෙනුවෙන් මෙම නිර්මාණය සිදුකළ මොරටු සිසුන් තිදෙනා මීට පෙර එහි දකුණු ආසියා කලාපීය වටයේදී තරගවැදී ඉන්දීය, පාකිස්තාන හා ශ්‍රී ලංකා කණ්ඩායම් පරදවා දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබීය.
කුඩා කම්පක හා මයික්‍රෆොන් කීපයක් උපයෝගී කරගනිමින් ප‍්‍රධාන වශයෙන් ආකාර දෙකකින් ශ‍්‍රව්‍ය හැකියාව වර්ධනය කිරීමට ඔවුන් මේ බඳ පටිය නිපදවා තිබේ. එහි කුඩා පරිගණකය මගින් ශබ්ද හඳුනාගෙන එයට අදාළව කම්පන තරංගයක් නිකුත් කරයි. ශබ්දය වෙන්කර හඳුනා ගෙන කම්පන ආකාර පහක් නිකුත් කිරීමේ හැකියාව මෙම උපකරණයට තිබේ. මෙම උපකරණය ඉදිරියේදී තවත් වැඩිදියුණු කරන බව නිර්මාණකරුවෝ පවසති.
‘මෙම තරගාවලියේ අවසන් අදියර නවසීලන්තයේ ඔක්ලන්ඞ් නුවර දී පැවැත්විණි. එහිදී ඊසාන දිග ආසියා කලාපීය තරගාවලියේ ජයග‍්‍රහායකයන් ලෙස තරගාවලිය නියෝජනය කළ හොංකොං රාජ්‍යය සහ චීනය දෙවන හා තුන්වන ස්ථානවලට ඇඳ දමමින් අපේ මවුබිමට ප‍්‍රථම ස්ථානය ලබාදීමට අපට හැකි වුණා.
හදිසි අවස්ථාවල මා ළඟින් ගමන් ගන්නා වාහන වලින් අනතුරු නොවී බේරුණේ ඉතා අමාරුවෙනි. මගේ දියණිය මා අමතන හඬ, ගෙදර සීනුව පවා සමහර විට හඳුනාගැනීමට මට අසීරුයි. මොවුන්ගේ නිර්මාණය ඊට කදිම පිළිතුරක්’ ලෙස විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු වූ ඔක්ලන්ඩ් නුවර ශ‍්‍රවණාබාධිතයන්ගේ සංගමයේ සාමාජික මයික් ග‍්‍රැන්ගර් මහතා ඒ බව පවසද්දී අපට දැණුන සතුට නම් කියා නිම කරන්න බැහැ. ඒ මහතා උපතින්ම ශ‍්‍රව්‍යාබාධිතයකු වුවත් ඔහු දැනට ඉංජිනේරුවකු ලෙස සේවය කරනවා. අපේ ජයග‍්‍රහණය පිළිබඳව එම සංගමය මාධ්‍ය නිවේදනයක් ඔස්සේ නවසීලන්ත වෙබ් අඩවියක ද පළ කළා.
එමෙන්ම මෙම තරගාවලියට සහභාගිවීම සඳහා උදව් උපකාර කළ මොරටු විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය රාහුල අත්තලගේ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා, යාන්ත‍්‍රික ඉංජ්නේරු දෙපාර්තමේන්තු ප‍්‍රධානී ආචාර්ය ඩබ්ලිව්.කේ. විමලසිරි යන මහත්වරුන්ට ස්තූති කළ යුතුයි.
source- http://www.lankadeepa.lk

Comments

Popular posts from this blog

කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය

දශක ගණනාවක සිට අප රටේ නොවිසඳී පැවති ජාතික ප්‍රශ්නයක් නැවත මීතොට මුල්ලේ සිදුවූ ඛේදවාචකයත් සමග සියළුම ජනතාවගේ අවධානය ලබාගැනීමට සමත්ව තිබේ. නිසි කසළ කළමනාකරණයෙන් තොරව විවෘත බිම්වල කුණු කඳු ගොඩගැසීම හේතුවෙන් කටුක අත්දැකීම්වලට මුහුණ පෑමට දැන් අපට සිදුව තිබේ. එනිසා මෙය ජාතික ව්‍යසනයක් සේ සලකා ඊට නිසි විසදුම් සෙවීමට අපට සිදුව ඇත. අනෙක් අතට අප මේ අත්විඳිමින් සිටින්නේ, විද ්වතුන් ගේ දැනුම කේන්ද්‍ර කර ගත් තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගනු වෙනුවට ඉතාමත් ප්‍රාථමික ක්‍රමවේදයන් උපයෝගී කරගෙන කසළ කළමනාකරණය කිරීමට යාමේ ප්‍රතිඵලයයි. එම නිසා අද දවසේ ජාතික වගකීම වනුයේ මේ සඳහා ජාතික වැඩ පිළිවෙලක් සහිත පුළුල් විද්‍යාත්මක ක්‍රමවේදයක් හා බැඳුණු නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගැනීමට කටයුතු කිරීමය. මූලික වශයෙන් මේ කරණු හතර සඳහාවත් අප අවධානය යොමු කළ යුතුවේ. • සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව විද්‍යාත්මක ක්‍රමවේද සොයා යෑම. • කාබනික ඝන අපද්‍රව්‍යවලින් ප්‍රවාහන ඉන්ධන සහ විදුලිය නිපදවීම. • නවීන තාක්ෂණය බැඳුණු කාර්යක‍ෂමතාවයෙන් ඉහළ දේශීය තාක්ෂණය. • කසල කළමණාකරණයට රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු තාක්ෂණය. • නිවෙස්වලින් බැහැර ක...

Is it permissible to work as a Lawyer in Islam?

Most of the Muslims think Islam doesn’t give any permission to work as a lawyer and some of us completely dislike about the law profession. Because they think it involves in referring to something other than the laws of Allaah for the judgement. I think this is completely a misconception. As Muslims, we shouldn't be narrow minded to that far.   Wor king as a lawyer is not harm in and of itself, because it is not judged according to something other than that which Allaah has revealed, rather it is acting as a people’s deputy or representative in cases of dispute, which is a permissible kind of deputation or representation. But the lawyer must be careful and make sure of the case before getting involved in it.  If it is a claim regarding some right that has been taken away in a wrong manner, then it is permissible for you to argue on his behalf to have his rights restored to him and the wrongdoing stopped. This comes under the heading of cooperating in righteousness and ...

"We'd Rather Spend more on our Daughter's marriage than her Education"

It's sad to think that there are still some societies that exist where parents are concerned and often feel burdened by the pressure of getting their daughters married. Their worry often begins before their daughters have even reached a marriageable age. Marriage gives priority, in some cases not all, over everything else and daughters are often made to feel that the sole purpose of their lives   is marriage and this should be their number one priority.   Parents start worrying about saving for their daughter's big day so they can get her married off in a culturally fitting manner. In a sense, they rightly do so; it's a good thing for parents to think about these things for their children and it's always wise to plan ahead. However, again in some cases not all, we need to ask the question; why is a girl's education not given equal importance? Why do we feel that educating our daughters is a waste of time and money, but paying thousands in credit towards her we...