ලංකාවෙන් ලෝකයට විකිණෙන පළමුවැනි ගුවන් යානය - මොරටුව විශ්වවිද්‍යාලයෙන් ගෝලීය වෙළෙඳපොළට හඳුන්වා දෙන නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා
2016 වසරේ නිෂ්පාදන තත්ත්වයෙන් නිම කළ සීහොක් (CeyHawk) යානය නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා තාක්‌ෂණය දේශීයව දියුණු කිරීමේ කාර්යය මොරටු විශ්වවිද්‍යාලය මගින් 2012 දී ඇරඹීමෙන් පසුව අද වන විට අවසාන කඩඉම දක්‌වා සාර්ථකව පැමිණීමට හැකි වී තිබේ. එහිදී පසුකරනු ලැබූ අදියරයන් මෙසේයි. (1) ස්‌වයංක්‍රීය පාලන පද්ධතිය (autopilot, 2012) නිර්මාණය කිරීම හා එමගින් කි.ග්‍රෑම් 1 ක ඉතා සැහැල්ලු යානයක් නියම කරනු ලැබූ ගමන් මාර්ගයක ස්‌වයංක්‍රීයව පියාසර කරවීම, (2) ගුවන් යානයේ බර කි.ග්‍රෑම් 3.5 දක්‌වා ඉහළ නැංවීම (2013), (3) කි.ග්‍රෑම් 7.5 ක් මීටර් 4 ක් දිග පියාපත් සහිත මධ්‍යම ප්‍රමාණයේ RAVAN යානය සාර්ථකව ගුවන්ගත කිරීම (2014), (4) පෙනුමින්, සැලසුමෙන් සහ වේගයෙන් RAVAN ට වඩා දියුණු කි.ග්‍රෑම් 6.5 ක් වන CeyHawk) යානය සාර්ථකව ගුවන්ගත කිරීම (2015) සහ (5) CeyHawk යානය ප්‍රථම වරට තාක්‌ෂණික වාණිජ භාණ්‌ඩයක් ලෙස නිපදවීම (2016) මොරටු සරසවියේ ශිල්පීන් ඉදිරිපිට ඇති අභියෝගය වන්නේ දේශීයව දියුණු කළ මෙම තාක්‌ෂණය Unmanned Aerial Vehicle Technology) දේශීයව සහ ගෝලීයව භාවිතාවේ යෙදවීමයි. විවිධ කාර්යයන් සඳහ...